මුල්ම වෙඩි තැබීම කුරුදුගහපියස පුදේශයහිදී සිදුව ඇති අතර එම වෙඩි තැබීමෙන් වයස 15 ක පමණ පාසල් සිසුවකු තුවාල ලබා තිබෙනවා. පසුව දෙවැනි වර වෙඩි...
මුල්ම වෙඩි තැබීම කුරුදුගහපියස පුදේශයහිදී සිදුව ඇති අතර එම වෙඩි තැබීමෙන් වයස 15 ක පමණ පාසල් සිසුවකු තුවාල ලබා තිබෙනවා. පසුව දෙවැනි වර වෙඩි තැබීම වාර්තා වන්නේ මැනික්ගම ප්‍රදේශයනි. එහිදී වයස 39 ක් පමණ වන කපිල රත්නායක නමැත්තා මියගොස් තිබෙනවා.
තුන්වන වෙඩි තැබීම යුදපිටිය ප්‍රදේශයහිදී සිදුව තිබෙන අතර එහිදී එකම පවුලේ පියා (52) සහ 20 හැවිරිදි හා 13 හැවිරිදී පුතුන් දෙදෙනා වෙඩි වැදී මියගොස් තිබෙනවා.
මෙම වෙඩි වැදී මියගිය පිරිස හා තුවාලකරුවන් බලපිටිය මූලික රෝහල වෙත ගෙනගොස් තිබේ.
මෙම වෙඩිතැබීමට හේතුව පැරණි ආරවුලක් දුරදිග යාමක් බව පොලීසිය පවසනවා. මේ වනවිට කොස්ගොඩ පොලීසිය විමර්ෂණ ආර්ම්භ කර තිබෙනවා. දැනට සිදුකල විමර්ෂණ අනුව තොරතුරු ලැබී ඇත්තේ යතුරු පැදි කිහිපයකින් පැමිණි පිරිසක් මෙම ඝාතන සිදුකර ඇති බවයි.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
COMMENTS