දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැදුම්කර වංචාවේ 'සුපිං විමර්ශන' මුලාවක්.
Homeප්‍රවෘත්ති

බැදුම්කර වංචාවේ 'සුපිං විමර්ශන' මුලාවක්.

PropellerAds

බැදුම්කර වංචාවට සම්බන්ධ තැනැත්තන් හදුණාගැනීමට පත් කළ ‘බැදුම්කර කොමිසම‘ රාජ්‍ය බැංකු බාර කබීර් හෂීම් අමාත්‍යවරයාත්, එදා කිසිම රාජ්‍ය තනතුරක...

ස්වාධීන කණ්ඩායම සැර වෙයි! ජනාදිපතිට දැඩි කොන්දේසියක් පනවයි!
ගෝල්ෆේස් විරෝධතාකරුවෝ පොහොට්ටු ලොක්කෙකුගේ රථයක් හඹා ගොස් පහර දෙති!
මහින්ද ගෝල්ෆේස් අරගලකරුවන් එක්ක සාකච්ජාවකට සූදානම්!

බැදුම්කර වංචාවට සම්බන්ධ තැනැත්තන් හදුණාගැනීමට පත් කළ ‘බැදුම්කර කොමිසම‘ රාජ්‍ය බැංකු බාර කබීර් හෂීම් අමාත්‍යවරයාත්, එදා කිසිම රාජ්‍ය තනතුරක් නොතිබුණු මලික් සමරවික්‍ර‍මත් අතහැර ‘අක්‍ර‍මිකතා පිළිබද වගකිව යුතු තැනැත්තා හෝ තැනැත්තන් හදුණාගන්නට උත්සහ දැරීම ‘ඇරලා බලන්න ලයිෂන් තිබිය දී ඔබලා බලන කොමිෂන් වැඩක්‘ යැයි  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

අද රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් තෙන්නකෝන් මහතා එබව ප්‍ර‍කාශ කළේය.

එහිදී ඔහු මෙසේද පැවසිය.


''ගැසට් නිවේදනයට අනුව ‘ රාජ්‍ය බැංකු විෂය භාර අමාත්‍යවරයා කබීර් හෂීම් මහතා යි.  මහ බැංකුව තියෙන්නේ අග්‍රාමත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා යටතේ යි.  එසේ තිබිය දී, නමට පමණක් මුදල් ඇමති රවී කරුණානායක මහතා පිටින් සියළු කුණු යවා ‘බැදුම්කර මහ මගඩිය‘ යට ගැසීමට උත්සහ දරනවා.

අප කථා කරන්නේ රුපියල් බිලියන 12 කට වැඩි වංචාවක් පැය 72 ක දී සිදු වූ විෂයක් ගැනයි.  සේවක අර්ථසාධක අරමුදල ඇතුලු ලංකාවේ වැඩ කරන පන්තියේ ජනතාවට සිදු වූ පාඩුව ගැන තවම අදහසක් හෝ නෑ.

කොමිසම පත් කළේ මේ ‘අක්‍ර‍මිකතාවන්ට සම්බන්ධ වී ඇති තැනැත්තන් හදුණාගැනීමටයි‘.  එහෙම නැතිව ඇලෝසියස් ගේ මුදලින් නිවාස මිලදී ගත්, ව්‍යාපාර සිදුකරන පුද්ගලයින් හදුණාගැනීමට නොවෙයි.

රවී ගේ ශරීර කුඩුවට මුවා වී සිටින අය ?

රවී ගේ ශරීර කුඩුවට මුවා වී මහ මගඩිය පිටුපස සිටි පුද්ගලයින් සැගවීමට ඉඩ නොදිය යුතුයි.  කබීර් හෝ මලික් බැදුම්කර වංචාවට අදාළ මුල් රැස්වීමට සම්බන්ධ වූයේ කෙසේද? ඒ සදහා ඔවුන් පෙළඹවූයේ කවුරුන්ද? යන්න හෙළදරව් කර ගැනීම වැදගත්.

 ඔවුන් දෙදෙනා ද මෙම අක්‍ර‍මිකතාවට සම්බන්ධ නොවන්නටත් හැකියි. නමුත්, ඔවුන් ඉහළම වැදගත්කම ඇති සාක්ෂිකරුවන් බව නම් පැහැදිලියි.

බැදුම්කර මගඩිය පටන්ගන්නේ කබීර් හෂීම් හා මලික් සමරවික්‍ර‍ම දෙදෙනා සිටින රැස්වීමකින් බව කෝප් කමිටුවෙත්, විගණන වාර්තා හා බැදුම්කර කොමිසමේ අනාවරණය වී තිබෙනවා.  ඒ බව රටම දන්නවා. හැබැයි තවමත් කබීර් හෂිම් හෝ මලික් සමරවික්‍ර‍ම කොමිසම හමුවට ගෙන්වා නෑ.

ඔවුන්ට තමන් දන්නා කරුණු හෙළි කිරීමට අවස්ථාවක් ලබාදීමට කොමිසම කටයුතු කළ යුතුයි.  අනෙක් අතට, මෙය ඔවුන් දෙදෙනා පටවලා වෙනත් අයෙකුට ගැලවීයාමට ලබාදුන් අවස්ථාවක් නම් එය ද හෙළිදරව් කර ගැනීම කොමිසන් සභාවේ රාජකාරියක්.  මහ බැංකුවේ මධ්‍ය මට්ටමේ නිලධාරීන්ට ලැබෙන ප්‍ර‍මුඛත්වය හෝ ප්‍ර‍මුඛ දේශපාලනඥයින්ට ලැබී නැ.    

රවී කරුණානායක මහතා පෙන්වා මේ වංචාවේ මහ මොළකරුවන් ගැලවී යාමට උත්සහ දරන බවක් පෙනෙන්නට තිබෙනවා.   

මේ වන විට මහ බැංකු වංචාව පිළිබද චෝදනා එල්ල වී ඇති මහ බැංකු නිලධාරියෙකුට රජයේ උපදේශක පත්වීමක් ලබා දෙන්නට සුදානම් වෙනවා.

ඇස්බැන්දුමක් ද?

බැදුම්කර කොමිසම තවත් සති 2 කින් සිය කටයුතු අවසන් කළ යුතුයි.  කොමිසම හෙමින් හෙමින් ඉනිමග නැගලා, අන්තිම පඩි දෙක තුනට ඉස්සර ඉණිමග පෙරළිය යුතු නෑ.  රටම බලාගෙන ඉන්නවා. ලෝකයම බලාගෙන ඉන්නවා.  යහපාලන රජයේ දුෂණ විරෝධය ඇත්තක් ද? බොරුවක් ද? කියලා.  ඇස්බැන්දුමක් ද? කියලා.

පරිගණක දත්ත විනාශ කිරීම, දුරකථන දත්ත විකෘති කිරීම ගැන රහස් පොලිස් පරීක්ෂණ සිදුවීම හොදයි.  නමුත්, සැබෑ ලෙසම අපරාධ පරීක්ෂණයක් ඇරඹිය යුත්තේ බැදුම්කර කොමිසම විසින් අනාවරණය කර ගන්නා තැනැත්තන් පිළිබදවයි. ''

 ‘සූපිං කෑලි‘ පිළිබද කථා ඇස්බැන්දුමක් නොවිය යුතු යැයි ද, තෙන්නකෝන් මහතා පැවසීය.

(SLM)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැදුම්කර වංචාවේ 'සුපිං විමර්ශන' මුලාවක්.
බැදුම්කර වංචාවේ 'සුපිං විමර්ශන' මුලාවක්.
http://ift.tt/2y7xOnz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_203.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_203.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy