මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේදී පස්මහල් හෝටල් ගොඩනැගිල්ලක්, නිවසක් මතට කඩාවැටී එම සුන්බුන්වලට යට වී සිටි අඹුසැමි යුවළගේ සිරුරු ගොඩගත් බ...
මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේදී පස්මහල් හෝටල් ගොඩනැගිල්ලක්, නිවසක් මතට කඩාවැටී එම සුන්බුන්වලට යට වී සිටි අඹුසැමි යුවළගේ සිරුරු ගොඩගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.
මෙම සිද්ධියෙන් මාස එකහමාරක් පමණ වයසැති බිළිඳෙකුට ද දිවි අහිමි විය. පස්මහල් ගොඩනැගිල්ල එම නිවසමතට වැටෙන විට එහි අඹුසැමි යුවළක්, ඔවුන්ගේ මාස එකහමාරක් පමණ වයසැති බිළිඳා සහ තවත් කාන්තාවක් දෙදෙනෙක් සිට තිබේ.
ඉන් කාන්තාවන් දෙදෙනා අනතුර සිදුවූ අවස්ථාවේදී ම බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට හා පොලිස් නිලධාරීන්ට හැකිව තිබේ.
COMMENTS