දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නෑ - අස්ගිරි, මල්වතු උභය මහා විහාරීය කාරක සංඝ සභාව
Homeප්‍රවෘත්ති

නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නෑ - අස්ගිරි, මල්වතු උභය මහා විහාරීය කාරක සංඝ සභාව

PropellerAds

ව්‍යවස්ථා සම්පාදනය තුළ ඇතිවන තත්ත්වය ඉතා භයානක වන බවත් මේ නිසා ජනවාර්ගිකත්වයට දැඩි බාධාවක් මතුවී ජාතීන් අතර ගැටුම් ඇතිවන තත්ත්වයක් නිර්මා...

භාරකාර ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්න මන් කැමතියි...අවුරුදු එකහමාරෙන් ආර්ථිකය ගොඩදානවා... රාජපක්ෂලා යන්න ඕනේ – රනිල් කියයි
ෆොන්සේකාගේ ෆේස්බුක් සටහනට ආරක්ෂක ලේකම් ප්‍රතිචාර දක්වයි
මහින්දානන්දගේ සාදයට ආ අය ගෝල්ෆේස් විරෝධයටත් ගිහින්... දෙපිරිසක් ගැටී රෝහලේ!
නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නෑ - අස්ගිරි, මල්වතු උභය මහා විහාරීය කාරක සංඝ සභාව
ව්‍යවස්ථා සම්පාදනය තුළ ඇතිවන තත්ත්වය ඉතා භයානක වන බවත් මේ නිසා ජනවාර්ගිකත්වයට දැඩි බාධාවක් මතුවී ජාතීන් අතර ගැටුම් ඇතිවන තත්ත්වයක් නිර්මාණය විය හැකියැයි ඒ පිළිබදව අද (18) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශයේ රන්ආයුධ මණ්ඩපයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව කීවේය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබදව අධ්‍යනය කළ බවත් මේ නිසා මීට පෙර අවස්ථා දෙකකදී මෙය වර්තමානයේදි අනවශ්‍ය කාර්යයක් යැයි කී ලේඛකාධිකාරී හිමිපාණන් මෙසේ ද සදහන් කළහ.
 
මේ කමිටු වාර්තා ආදිය සලකාබලා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මේ අවස්ථාවේදී උචිත නොවන බවයි අපගේ හැගීම. නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම මගින් අප ජාතීන් අතර බෙදීමක් ඇති වෙනවා. ජනතාව වෙන්වීමක් ඈත් වීමක් සිදුවිය හැකියි. ව්‍යවස්ථාව තුළින් යෝජනා කරන ඒ ඒ යෝජනා තුළ අපේ රටේ ඒකීයත්වය මෙන්ම රාජ්‍ය බලය විභේදනය කිරීම තුළ විශාල හානිකර තත්ත්වයක් ඇති බව ද රට කොටස්වලට බෙදී යා හැකි බව ද පේනවා. 
 
ඒ නිසා අප අදහස් කරන්නේ මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැවතිය යුතු බවත් ඉදිරියේදී යම් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් එය සාකච්ඡා කොට අවශ්‍ය පරිදි සිදුකළ යුතු බවයි. මේ අවස්ථාවේදී රටේ ජාතික සමගිය සදහා මෙන්ම රටේ සංවර්ධන උදෙසා අප ක්‍රියා කළ යුතුයි. 
 
ඒ සදහා මහා සංඝරත්නය ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් සාකච්ඡා කරන බව ද අවශ්‍ය තීන්දු තීරණ සදහා මහා සංඝරත්නය නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමිපාණන් වහන්සේ වැඩිදුරටත් සදහන් කළේය.
 
පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව අදහස් පළ කළ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් මෙසේ සදහන් කළහ.
 
මේ අලුතින් ඉදිරිපත් කිරීම කටයුතු කරන ව්‍යවස්ථාව අකුලා ගත යුතුයි. මෙය ප්‍රාදේශීය ලෙස බලය ලබාදීමට කරන කටයුත්තක්. ඒකීයත්වයට හානි නොවන බවත් බුදු දහමට හානි නොවන බවත් ප්‍රකාශ කළත් ඒ දෙකම අපට විශ්වාස කළ නොහැකියි. පළාත් සභාවලට සම්පූර්ණ බලය ලබාදීමට උත්සහ කරන බවයි පෙනී යන්නේ. මේක පළාත් සභාවට බලය ලබාදීම සදහා සිදුකරන උපක්‍රමයක්. මේකෙන් රටට කිසිදු ප්‍රයෝජනයක් නැහැ. දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතා කළ දේ නිසා රට හිගන තත්ත්වයට පත් වුණා.  පළාත් සභා සදහා බලය ලැබීම නිසා විශාල ධනස්කන්දයක් නාස්ති වෙනවා. ඇමතිවරු, ඇමති කාර්යය මණ්ඩල, ලේකම්වරු මෙන්ම ඔවුන්ගේ පරිහරණය සදහා විශාල සම්පත් ප්‍රමාණයක් වෙන් කළ යුතුයි. 
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවශ්‍ය නොවන නමුත් කොට්ඨාශ ක්‍රමයට මැතිවරණ පැවැත්වීම අවශ්‍යයි. එමෙන්ම ජනාධිපතිරයාගේ බලතල ඒ අයුරින් පැවතිය යුතුය යන්න සංඝ සභාවේ තීරණය යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹූල්කුඹුරේ විමලධම්ම හිමියන් වැඩිදුරටත් සදහන් කළහ.
 
මෙම අවස්ථාව සදහා අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් වන පූජ්‍ය ආණ්මඩුවේ ධම්මදස්සි හිමි හා පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් ද මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹූල්කුඹුරේ විමලධම්ම හිමියන් ඇතුලු උභය මහා විහාරයේ කාරක සංඝසභාවේ හිමිවරු පිරිසක් සහභාගී විය.
 
නුවර නදීක දයා බණ්ඩාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නෑ - අස්ගිරි, මල්වතු උභය මහා විහාරීය කාරක සංඝ සභාව
නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නෑ - අස්ගිරි, මල්වතු උභය මහා විහාරීය කාරක සංඝ සභාව
http://ift.tt/2yvw9X1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_157.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_157.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy