දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්.
Homeප්‍රවෘත්ති

කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්.

PropellerAds

කොළඹ නගරය තුළ ඉඩම් මිල පසුගිය වසරක කාලයක් තුළ දී සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව අධ්‍යයනයකින් හෙළි වී ඇත.  LankaPropertyWeb.com විසින් මෙහෙ...

සජිත් පේ‍්‍රමදාස අගමැති ධුරයට ?
‘සජිත් කියන්නේ හොරි කතා.. කහනතුරු සනීපයි..’ රුපියල් 50,000කින් පඩි වැඩිකලොත් රටට වෙන දේ බන්දුල කියා දෙයි - (video)
යහපාලන පාර්ලිමේන්තුවට වසර 04 සම්පූර්ණ වෙයි.. මාස 06කින් විසිරුවා හැරීම ස්ථිරයි

කොළඹ නගරය තුළ ඉඩම් මිල පසුගිය වසරක කාලයක් තුළ දී සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව අධ්‍යයනයකින් හෙළි වී ඇත. 

LankaPropertyWeb.com විසින් මෙහෙයවනු ලබන ජාතික නිවාස මිල දර්ශකට අනුව කොළඹ නගරය තුළ ඉඩම් මිල සාමාන්‍යයක් ලෙසින් 36% කින් වසරක කාලයක් තුළ දී ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. කොළඹ නගරයේ නිවාස හා මහල් නිවාස ඒකකවල මිල හා සන්සන්දනය කිරීමේ දී ඉඩම් මිල විශාල වශයෙන් මෙලෙස වැඩි වී තිබේ.

මේ අතර Candor Group විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ කොටස් වෙළෙඳපොළ ආයෝජන, ඉතුරුම්, බැඳුම්කර වැනි සියලු ආයෝජන අවස්ථා අභිබවමින් ඉඩම්වල ආයෝජනය වැඩි ප්‍රතිලාභ ගෙන දී ඇති බවයි.

කොළඹ මහනගර සභා සීමාව තුල පර්චසයක් සඳහා වැඩිම මිලක් නියම වී ඇත්තේ කොළඹ 1,3 හා 7 ප්‍රදේශවල ඉඩම්වලටය. මේ අතර කොළඹ 9,13,14 හා 15 යන ප්‍රදේශවල ඉඩම් මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සඳහන් වේ.

LankaPropertyWeb.com පවසන පරිදි කොළඹ 01 ජනාධිපති මන්දිරය ආසන්නයේ පර්චසයක වටිනාකම මේ වන විට රුපියල් මිලියන 30 ක් පමණ වේ. මේ අතර පෝර්ට් සිටි ව්‍යාපෘතිය හරහා අලුතින් බිහිවන හෙක්ටයාර 269 ක භූමිභාගයෙහි ඉඩම් විකිණීම 2018 වසරේ සිට ආරම්භ වීමට නියමිතය. එහිදී එම ඉඩම් සඳහා කොපමණ මිලක් නියමවේද යන්න පිළිබඳව මේ වන විට බොහෝ දෙනා උනන්දු වී සිටිති.

කෙසේ වෙතත් පවතින නීතිරීතිවලට අනුව විදේශිකයින් හට ශ්‍රී ලංකාවේ ඉඩම් සින්නක්කරව මිල දී ගැනීමට නොහැකි වුවත් 99 අවුරුදු බදු පදනම යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී.

පවතින තත්ත්වය තුළ හිස් ඉඩමක් මිලදී ගෙන එහි නිවාසයක් තනනවාට වඩා මහල් නිවාස ඒකකයක් මිල දී ගැනීම වඩා ලාභදායී වී තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්.
කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්.
http://ift.tt/2xSxGcD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/36.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/36.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy