මෙය සෝමාලියාව ගතවූ වසර ගණනාවක කාලය තුළදී මුහුණ දුන් බරපතළම ත්‍රස්ත ප්‍රහාරය වශයෙන් සැලකේ. මෙම පිපිරීම වාර්තා වූයේ සෝමාලියානු විදේශ කටයුත...
මෙය සෝමාලියාව ගතවූ වසර ගණනාවක කාලය තුළදී මුහුණ දුන් බරපතළම ත්‍රස්ත ප්‍රහාරය වශයෙන් සැලකේ.
මෙම පිපිරීම වාර්තා වූයේ සෝමාලියානු විදේශ කටයුතු අමත්‍යාංශයට නුදුරිනි. හමුදාව විසින් භාවිතා කරන ආකාරයේ පුපුරණ ද්‍රව්‍ය මෙන්ම ගෙදර හැදූ කිලෝ ගණනක පුපුරණ ද්‍රව්‍ය ද මේ සඳහා යොදාගෙන තිබිණි. විශ්වාස කෙරෙන්නේ ත්‍රස්තවාදීන්ගේ ඉලක්කය වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශය බවයි. කෙසේ නමුත් ට්‍රක් රථය පුපුරාගියේ ජනාකීර්ණ මාර්ගයක පිහිටා තිබූ හෝටලයක් අසලදී ය. පිපිරීම හේතුවෙන් අවට ගොඩනැගිලි ගණනාවක්ම විනාශයට පත්විය.
විදේශ කටයුතු අමාත්‍යාංශය අසල මුරපොළේදී ට්‍රක් රථය නවතා පරීක්ෂා කරන්නට යාමේදී රියැදුරු විසින් මාර්ග බාධකයේ ට්‍රක් රථය හප්පවා එය පුපුරුවා හැරි බව සෝමාලි ආණ්ඩුව පවසයි.
ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නැතත්, 2011 වසරේ පටන් නිල වශයෙන් අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධිත අල් ෂබාබ් ත්‍රස්තවාදීන් විසින් මෙය සිදුකරන්නට ඇතැයි සැලකේ.
- අමාලි ජයවීර
COMMENTS