යුක්තිය ඉල්ලා හඩ නගන්න ඔබත් 23 වන සදුදා දහවල් 12ට අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිටට එන්න.. තමන්ගේ නඩු අනුරාධපුර අධිකරණයෙන් වව්නියාව අධිකරණය...
යුක්තිය ඉල්ලා හඩ නගන්න ඔබත් 23 වන සදුදා දහවල් 12ට අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිටට එන්න..
තමන්ගේ නඩු අනුරාධපුර අධිකරණයෙන් වව්නියාව අධිකරණයට මාරු කරන ලෙස ඉල්ලමින් අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින දේශපාලන සිරකරුවන් තිදෙනෙකු විසින් ආරම්භ කර ඇති මාරාන්තිත උපවාසය මේ වන විට දින 27 සම්පූර්ණ කර ඇත. කිසිදු ආහාරයක් හෝ පානයක් ලබා නොගෙන රෝහලෙන් රුධිරයට ලබා දෙන දියර වර්ග වලින් පමණක් ඔවුන්ගේ ජිවිත රදා පවතින අතර මේ වන විට එම රැදිවියන් තිදෙනාගේ ජීවිත පවතින්නේ දැඩි අවධානමකය. මෙලෙස මාරාන්තික උපවාසයේ නිරතව සිටින්නේ සුලක්ශන්, ගණේශන්, තිරුවරුන් යන දේශපාලන සිරකරුවන් තිදෙනාය. මොවුන් තිදෙනාගේ නඩු වසර 8ක් තිස්සේ වව්නියාව අධිකරණයේ විභාග වෙමින් තිබියදි හිටිහැටියේම එම නඩු අනුරාධපුර අධිකරණයට මාරු කර ඇත. මෙලෙස ද්‍රවිඩ භාෂිත අධිකරණයක සිට සිංහල භාෂිත අධිකරණයකට දේශපාලන සිරකරුවන්ගේ නඩු මාරු කිරීම පිටුපස මෙරට අධිකරණ සහ නීති පද්ධතියේ ඇති ජාතිවාදි ක්‍රියාකාරීත්වය වඩා හොදින් පැහැදිලි වේ. මීට පෙරද අවස්ථා කිහිපයකදි දේශපාලන සිරකරුවන්ගේ නඩු මෙලෙස ද්‍රවිඩ භාෂීත අධිකරණයන්ගෙන් සිංහල භාෂීත අධිකරණයන්ට මාරු කරන ලදි.
එම මාරාන්තික උපවාසයට සහය පළ කිරීමටත් යාපනයේ සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයාට මෙම ගැටළුවට මැදිහත් වී විසදුමක් ලබා දෙන ලෙසට බලකිරීම සදහා පසුගිය සතිය පුරාම යාපනය නගරයේදි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් විරෝධතාවයන් සිදු කරන ලදි. ඔක්තෝබර් 13 වන සිකුරාදා දිනයේදි යාපනය නගරයේ සියළු වෙළද සැළවල් වසා දමමින් හර්තාලයක් පැවැත්වූ අතර ඊට සමගාමීව එදිනම කිළිනොච්චිය නගරයේ සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණි. පසුගිය 14 වන දින ජනාධිපතිවරයා යාපනය නගරයේ සංචාරය කළ අතර එදිනද විරෝධතාවයක් පවත්වන ලදි. එම විරෝධතාවය පැවති ස්ථානයට ජනාධිපතිවයා පැමිණි අතර විරෝධතාවයේ ප්‍රතිඵලයක් ලෙස අද දින විරෝධතාකරුවන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවතිණි. මෙම සාකච්ඡාව සදහා සිවාජිලිංගම් මන්ත්‍රිවරයා සහ මාරාන්තිත උපවාසයේ යෙදි සිටින දේශපාලන සිරකරුවන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී විය. එම සාකච්ඡාවේදී මෙම ගැටළුව සදහා තීරණයක් ලබා දීමට නම් අධිකරණ කටයුතු පිළීබද අමාත්‍යවරිය සහ නීතිපතිවරයාද සහභාගී වීම අවශ්‍ය බව පවසා විසදුමක් ලබා දීම එළබෙන සදුදා හෝ අගහරුවාදා දිනට කල් දැමීමට ජනාධිපතිවරයා කටයුතු කරන ලදි.
වත්මන් යහපාලන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දිගින් දිගටම මැතිවරණ සමයේදී දෙමළ ජනතාවට ලබා දුන් පොරොන්දු කඩකරමින් සහ නොසළකා හරිමින් තිබෙන තත්වයක් තුළ දේශපාලන සිරකරුවන් සම්බන්ධ ගැටළුව සම්බන්ධයෙන් ජනාධීපතිවරයාගේ සහ ආණ්ඩුවේ මෙම නොසැලකිලිමත් ක්‍රියාකලාපයට විරෝධය පෑමටත් දින 25ක් පුරා අනුරාධපුර බන්ධනාගාරයේ මාරාන්තිත උපවාසයේ යෙදෙන දේශපාලන සිරකරුවන් තිදෙනාගේ නඩු වව්නියාව අධිකරණයට මාරු කරන ලෙසත් ඉල්ලමින් අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට එළබෙන සදුදා එනම් 23 වන දින දහවල් 12 සිට උද්ඝෝෂණයක් සිදු කිරීමට දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය කටයුතු සූදානම් කර ඇත. මෙරට උත්තීතර නීතිය ලෙස සළකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේන් පවා සහතික කර ඇති සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ලබා ගැනීම සදහා මෙරට පුරවැසියන් තිදෙනෙකුට මාරාන්තික උපවාසයක් සිදු කිරීමට සිදු වී ඇති තත්වයකදි සමාජ සාධාරණත්වය වෙනුවෙන් හඩනගන ඔබේ සහයෝගය මෙම සටනට අත්‍යවශ්‍යය.
COMMENTS