දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2018 වසර අවසන් වනවිට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 2000 ක්
Homeප්‍රවෘත්ති

2018 වසර අවසන් වනවිට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 2000 ක්

PropellerAds

මේ වනවිට ජාතික රෝහලේ යන්ත්‍ර 30 ක් ස්ථාපිත කර ඇති අතර එමගින් වාර්ෂිකව සිදුරකණ රුධිර පිරිසිදු කිරීමේ පරීක්ෂණ ප්‍රමාණය 15,000 කි. මීට අමතරව...

රනිල් - රවී එක්ක කො‍ටහේනේ පූජාවක
ගුටි බැට හුවමාරුවකින් පසු පොහොට්ටුවේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට
"ඔය කඩුව එජාපයට වැනුවොත් එතුමාට දේශපාලනයේ ඉදිරි ගමනක් නෑ"- සුජීවගෙන් සැර කතාවක්
2018 වසර අවසන් වනවිට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 2000 ක්
මේ වනවිට ජාතික රෝහලේ යන්ත්‍ර 30 ක් ස්ථාපිත කර ඇති අතර එමගින් වාර්ෂිකව සිදුරකණ රුධිර පිරිසිදු කිරීමේ පරීක්ෂණ ප්‍රමාණය 15,000 කි. මීට අමතරව මාලිගාවත්ත ජාතික රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානයේද එවැනි පරීක්ෂණ 15,000 ක් වාර්ෂිකව සිදුකළ හැකිය.
 
පසුගිය ජනාධිපතිවරණයේදී සීග්‍රයෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගය සම්බන්ධයෙන් විශාල සංවාදයක් ඇති වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වකුගඩු රෝග පාලනයට හා රෝගීන්ට සිදුකරන ප්‍රතිකාර වර්ධනය කිරීම සඳහා විශාල වැඩපිළිවෙලක් දියත් කර ඇති බව සඳහන් කළේය.
 
වත්මන් රජය බලයට පත්වන විට රටපුරා රෝහල්වල යන්ත්‍ර 159 ක් පමණක් තිබූ බවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවූ බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව මේ වනවිට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 450 ක් දක්වා වැඩිකර ඇති බවත් ලබන වසර අවසන් වනවිට එම ප්‍රමාණය 1000 දක්වා වැඩි කරන බවත් සේනාරත්න මහතා පවසයි. මීට අමතරව ඉන්දියානු ආධාර යටතේ තවත් යන්ත්‍ර 900 ක් රටපුර ස්ථාපිත කිරීම සඳහා යෝජනා වී ඇති බවත් එය සාර්ථක වුවහොත් වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී දැනට පවතින තදබදය විසඳා ගත හැකි වන බවත් ඔහු පෙන්වා දෙයි.
 
එහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
'භෞතික සම්පත් ලබාදුන්නත් මානව සම්පත් ලබාදීම පිළිබද ගැටලුවක් තිබෙනවා. මානව සම්පත පිළිබද අද දින තීන්දුවක් ගතහොත් එහි ප්‍රථිඵල ලැබෙන්නේ වසර 03 කට පසුවයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ද වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. වයඹ, සබරගමුව සහ මොරටුව විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ස්ථාපිත කරනවා. සිසුන්ට අවශ්‍ය නේවාසිකාගාරත් හදනවා. නමුත් විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ අධ්‍යාපනය පුද්ගලීකරණය කරනවා කියලයි. එය සටන් පාඨයක් විතරයි. නව වැඩපිළීවෙලක් ඔස්සේ අධ්‍යාපනය සංවර්ධනය කරනවා. රට තුල අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කළේ වත්මන් රජය යටතේයි. රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානවලට අවශ්‍ය හෙද හෙදියන්ගේ ගැටලුව මගහැරවීම සදහා හෙද සහායිකාවන් පත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. හෙද සංගම් සමග සාකච්ඡා කර හෙද හෙදියන්ගේ අධීක්ෂණය යටතේ වසරක පුහුණුවකින් පසු හෙද සහායිකාවන් පත් කළ යුතු බවයි එම යෝජනාවේ දැක්වෙන්නේ. ඒ පිළිබදව ඉදිරියේ දී සාකච්ඡා කරනවා. දැනට රෝහල්වල හෙද හෙදියන් 31,000 ක් රාජකාරී කරනවා. අනුමත කාර්ය මණ්ඩල ලේඛණයට අනුව තවත් හෙද හෙදියන් 6000 ක් අවශ්‍යයයි. ඉදිරියේ දී මෙම සංඛ්‍යාව තවත් වැඩිවෙනවා.'
 
rajitha 5
rajitha 6
rajitha 7
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2018 වසර අවසන් වනවිට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 2000 ක්
2018 වසර අවසන් වනවිට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 2000 ක්
http://ift.tt/2ytUZJY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/2018-2000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/2018-2000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy