මෙරට පාසැල් වල පාසල් වල ප්‍රාථමික පංතිවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසාදීමට නිසා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේක...
මෙරට පාසැල් වල පාසල් වල ප්‍රාථමික පංතිවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසාදීමට නිසා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා මහතා විසින් කළ ප්‍රකාශයකට ජාතික සංවිධාන එකමුතුව විරෝධය පලකරයි.
එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ හීනමානයෙන් පෙලෙන කළු සුද්දන් මේ ආකාරයෙන් කටයුතු කරන බවයි.
මෙවන් කටයුතුවලට සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා තම සොහොනේ සිට සාල කරනු ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
‘දැනට ලෝකයේ පිළිගත් මතය වන්නේ තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීම මගින් දරුවන්ගේ මානසික සංවර්ධනයට ප්‍රභල ධනාත්මක බලපෑමක් සිදුවන බවයි.හීනමානයෙන් පෙළෙන කළු සුද්දන්ට ඒවා අදාල වන්නේ නැහැ.
ඉංග්‍රීසි භාෂාවක් ලෙස අපේ රටේ දරුවන්ට ඵල්දායි ලෙස ඉගැන්වීමට අසමත්ව තිබෙන අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෝරා ගත් ළමුන් පිරිසකට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය දීමට සැරසෙන්නේ සද්භාවයෙන් නම් නොවෙයි. මේ අය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් පුද්ගලයන් නොවෙයිද?.
සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා මොවුන්ට තම සොහොනේ සිට ශාප කරනවා නොඅනුමානයි. මේවා කරන්නේ දරුවන්ට ආදරයෙන් නම් නොවෙයි. නිදහස් අධ්‍යාපනයේ පදනමම විනාශ කිරීමයි මෙවැනි අමනෝඥ ක්‍රියා කිරීමට පෙළඹෙන අයගේ බලාපොරොත්තුව.
රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමතිවරයාව සිටින කාලයේදී මෙවැනි මහා පරිමාණ ප්‍රතිසංස්කරණ කිරීමට පෙර මහජන සංවාදයක් ඇති කරලීම පිණිස අඩුම තරමින් ධවල පත්‍රිකාව හෝ ගෙන ඒමට කටයුතු කළා. එහෙම බලන කොට මේ අය ඉන්නේ රනිල් වික්‍රමසිංහට ගව් ගණනක් පිටුපසින්.”
COMMENTS