ඔක් 6, 2017 11:30 චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ මිහින්තලා ලේක් හවුස් 18 වන (මාසික )කප්රුක් වස්ත්‍ර පූජාව වක් පුර පෝයද...
ඔක් 6, 2017 11:30
චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ
මිහින්තලා ලේක් හවුස් 18 වන (මාසික )කප්රුක් වස්ත්‍ර පූජාව වක් පුර පෝයදා (05) මිහින්තලා පුද බිමේදී දහස් ගණන් බැතිමතුන්ගේ සාධු නාද මැද පැවැත්විණ.
මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර ජනපවුර සංවිධානයේ සභාපති වළවාහැංගුනවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි ,ලේක් හවුස් ආයතනයේ පාලන අධිකාරියේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය පරිදි 2016 වසරේ පොසොන් පුර පොහෝ දින සිට සෑම මසකම පුර පසලොස්වක පොහෝ දින කප් රුක් වස්ත්‍ර පුජා පැවැත්වීමට තීරණය කර තිබුනි.
ඒ අනුව මෙවර 18 වන වරට පැවැත්වූ කප්රුක් වස්ත්‍ර පුජාව දායකත්වය වේයන්ගොඩ ලක්ෂ්මන් දිසානායක හා අනුලා දිසානායක මහත්ම මහත්මීන්, අත්තනගල්ල ඩයමන්ඩ් ස්ටාර් සිංහ සමාජය එක්ව සිදු කෙරිණි. මිහින්තලා විහාරවාසී ආචාර්ය සුරුක්කුලමේ ඉන්දරතන හිමිපාණන් විසින් ආගමික කටයුතු සිදු කළ අතර ,ඩයමන්ඩ් ස්ටාර් සිංහ සමාජය විසින් නියඟයෙන් පිඩා විදින පවුල් 25 කට වියළි ආහාර පාර්සල් ලබා දුන්හ.
එහිදි කූරිකොටුව ලියසරණ කාන්තා සමිතිය සහභාගී වු සැමට තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලදී. කප් රුක් වස්ත්‍ර පුජාව සමග අටපිරිකර පූජා කිරීම ,ඉදල් කොහු පුජා කිරිම බුදු පිළිම පුජා කිරීම ආදි පින් කම් රාශියක් සිදු විය.
COMMENTS