මුදල් විශුද්ධිකරණ පනත යටතේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ද ඇතුළු 08දෙනකු සැකකරුවන් වන නඩුවකට අත්අඩංගුවට ගත් තවත් 06දෙනෙක් රහස් පොලිසිය විසි...
මුදල් විශුද්ධිකරණ පනත යටතේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ද ඇතුළු 08දෙනකු සැකකරුවන් වන නඩුවකට අත්අඩංගුවට ගත් තවත් 06දෙනෙක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
වෙලේසුදාගේ මව කේ. ඥාණවතී, බිරිය ගයනි, චන්දිමා දිල්හානි සහ රුවන්තිකා ලක්මානි යන සැකකරුවෝ රුපියල් දස දහසක මුදල් හා රුපියල් පන් ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින් වන පරිදි මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
සෙසු සැකකරුවෝ දෙදෙනා 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS