අලුත්ම අයිෆෝනයේ නම, සාමාන්‍ය පිළිවෙත අනුව නම් මුලින්ම හෙළිදරව් විය යුතුව තිබුණේ ඇපල් සමාගමේ නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන 9to5Mac හෝ එය එළ...
අලුත්ම අයිෆෝනයේ නම, සාමාන්‍ය පිළිවෙත අනුව නම් මුලින්ම හෙළිදරව් විය යුතුව තිබුණේ ඇපල් සමාගමේ නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන 9to5Mac හෝ එය එළිදක්වන අවස්ථාවේදී වුවත් ගේම් ඩිවලොපර් කෙනෙක් වන ස්ටීවන් ට්‍රෝටන් ස්මිත් නමැත්තා විසින් එහි නම කලින්ම සොයාගෙන තිබීම ද මෙවර විශේෂත්වයකි. ස්ටීවන් පවසා ඇත්තේ මෘදුකාංග කේතයක් මගින් එය සොයාගත් බවයි.
තවත් නවතම ඇපල් අයි ෆෝන් මාදිලි දෙකක් වන iPhone 8 සහ iPhone 8 Plus ද එදින ට එළිදැක්වීමට නියමිත ය.
ඇපල් සමාගමෙන් මේ වන විට බිහිවූ වැදගතම නිපැයුම වශයෙන් සැලකෙන්නේ අයි ෆෝනයයි. මේ වසරට ප්‍රථම අයි ෆෝනය වෙළඳපොළට හඳුන්වා දීමේ 10 වන සංවත්සරය යෙදී තිබෙන නිසා එය විශේෂ වැදගත්කකින් යුතුව සැමරෙනු ඇත. එය එළිදක්වන උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ඇපල් කැම්පස් පරිශ්‍රය ද පිහිටා තිබෙන ‘ඇපල් උද්‍යානය’ (ඇපල් පාක්) හිදී ය.
මේ වන විට ඇපල් සමාගමේ වෙළඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 815 කි. 2016 වසරේ ඇපල් සමාගමේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 215 ක් විය. සමාගමේ පූර්ණකාලීන සේවකයෝ 116,000 ක් සිටිති.
-
- අමාලි ජයවීර
COMMENTS