එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී සබරගමුව පළාත් සභාවට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට ප්‍රකට චරිත දෙකක් ඉදිරිපත්වන බවට Info Sri Lanka News ...
එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී සබරගමුව පළාත් සභාවට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට ප්‍රකට චරිත දෙකක් ඉදිරිපත්වන බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.
මේ වන විට ඒ සම්බන්ධ මූලික වටයේ සාකච්ජා සාර්ථකව අවසන්වී ඇති බවද අප වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වෙතින් දැනගන්නට ලැබී ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා තරඟවැදීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය තුලින් ඔහුට ලැබී ඇති ආරාධනයට මේ වනවිට ඔහු කැමැත්ත පළකර තිබෙන බව ද වාර්තා වේ.
එසේම ඒ පිලිබඳ වැඩිදුර සාකච්ජා මේ වනවිට දෙපාර්ශවය අතර සිදුවන බවද සඳහන් වේ. කෙසේ නමුත් ගුණතිලක මහතා මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටි.
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් හිටපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක තරංග පරණවිතාන මහතා කෑගල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නියමිත බවත් ඊට අදාල සාකච්ජා, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් සමග පවත්වා ඇති අතර මේ වනවිට ඊට දෙපාර්ශවයේ එකඟතාවය පලවී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.
මේ වනවිට පළාත් සභා රැසකටම ප්‍රවීන චරිත රැසක් ඉදිරිපත්වන බවට ආරංචි ලැබෙමින් පවතින අතර සබරගමු පළාත් සභා මැතිවරණය ඉහත තත්ත්වය හමුවේ උනුසුම්වනු ඇති බවද එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටියි.
COMMENTS