දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගාල්ලේ සිට කතරගම ගිය වෑන් රිය තණමල්විලදී ගසක හැපී 6ක් මරුට - 3 කට බරපතළයි
Homeප්‍රවෘත්ති

ගාල්ලේ සිට කතරගම ගිය වෑන් රිය තණමල්විලදී ගසක හැපී 6ක් මරුට - 3 කට බරපතළයි

PropellerAds

ත ණමල්විල මාතර ප‍්‍රධාන මාර්ගයේ 22 හන්දියේදී ඊයේ (09දා) අලූයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලය...

ගෝටාභය අතහැර සජිත්ට සහාය දෙන්නැයි චන්ද‍්‍රිකා කියයි
අත්අඩංගුවට ගන්න යද්දී ශ‍්‍රී ලන්කන් හිටපු ලොක්කා හා බිරිද නිවසින් පැන යයි
දෙමල භාෂාවෙන් ජාතික ගීය නොගැයීමෙන් දෙමල ජනතාව දැඩි වේදනාවෙන්.. අප නිදහස් දින උත්සවය වර්ජනය කලා - සම්බන්ධන්
ණමල්විල මාතර ප‍්‍රධාන මාර්ගයේ 22 හන්දියේදී ඊයේ (09දා) අලූයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනකු  මියගොස් තවත් තිදෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි ලූණුගම්වෙහෙර පොලිසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව තිබුණේ ගාල්ල ප‍්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කතරගම බලා යෑමට පැමිණි පිරිසක් රැගත් සුඛෝපභෝගී වෑන් රථයකි.
අනතුරින් එම ස්ථානයේදීම තරුණයින් 06 දෙනකු මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියැදුරු ඇතුළු තිදෙනකු ලූණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ අංක 215, ආරච්චි වත්ත, වැලිවත්ත, ගාල්ල ලිපිනයේ පදිංචි 26 හැවිරිදි විතාන ලියනගේ තමිදු වරුණ කුමාර, අංක 21, උඩහේන, බංගලියද්ද, පතම්පිටිය, ගාල්ල ලිපිනයේ පදිංචි 23 හැවිරිදි අන්තෝනි වෙරළගේ සමීර ප‍්‍රසාද්, පැලවත්ත, හීනටිගල, උණවටුන පදිංචි 30 හැවිරිදි කායිංගල වඩුගේ රංජන් ධනුෂ්ක, කිතුල්පිටිය, උළුවිටිකේ, ගාල්ල පදිංචි 51 හැවිරිදි හිරිඹුරගමගේ පුෂ්ප කුමාර, 03 කණුව අසල, උඩුගමුව පාර, බටදුව, ගාල්ල පදිංචි 28 හැවිරිදි මීපේ ගමගේ චමීර අප්සර හා ගාල්ල උණවටුණ ප‍්‍රදේශයේ පදිංචි ඉසුරු නුවන් සම්පත් නමැති අයයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ අංක 43/30/ඞී, සමගි මාවත, මාගාල්ල, ගාල්ල පදිංචි 24 හැවිරිදි යටලමත්ත ගමගේ යසිරු දිල්ෂාන්, අංක 14/50, දංවෙල වත්ත, කනම්පිටිය, ගාල්ල පදිංචි මඩිදුව ලියනගේ රජිත් හා නො.532, ඉරුවන පාර, කරාපිටිය ලිපිනයේ පදිංචි 23 හැවිරිදි අහංගම කුඩාගමගේ ජනිත චින්තක යන තිදෙනා ලූණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබේ. ඒ අතරින් රියැදුරු හැර අනිත් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බවත්, ඔවුන් හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවත් රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

අනතුර සිදුවන අවස්ථාව වන විට වෑන් රථයේ තරුණයින් 09 දෙනකු පැමිණ ඇති අතර පිරිස අලූයම ගාල්ල ප‍්‍රදේශයේ මිතුරන් කිහිප දෙනකු සමග එකතු වී මෙම වන්දනා ගමනට පැමිණ තිබේ. තරුණයින් පිරිස රැුගත් වෑන් රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ අලූයම 1.20ට පමණ අධිවේගි මාර්ගයේ මත්තල පිටවීමේ දොරටුවෙන් පිටවී මත්තල මාර්ගය ඔස්සේ කතරගම දෙසට අධික වේගයෙන් ධාවනය කර තිබේ. මත්තල පිටවීමේ දොරටුවෙන් පසු කිලෝ මීටර් 12ක් පමණ ගිය පසු හමුවන 22 හන්දියේදී තණමල්විල මාතර ප‍්‍රධාන මාර්ගයෙන් කතරගම දෙසට යන්නට දකුණට හැරවිය යුතුය. වෑන් රථය අධික වේගයෙන් පැමිණ ඇති අතර එකවරම හමුවන මෙම ටී හන්දියෙන් වෑන් රථය හැරවීමට යෑමේදී එය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විශාල පලූ ගසක වැදී අනතුරට පත්ව තිබේ. අනතුර සිදුවන විට වෑන් රථයේ වේග මීටරය 120 ලෙස සටහන්ව තිබේ. අධික වේගය නිසා එකවර හමු වූ ටී හන්දියෙන් වෑන් රථය හරවා ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දෙබරවැව රෝහලට රැගෙන ගිය අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලූණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී.පී. දිසානායක මහතාගේ උපදෙස් පරිදි පොලිස් රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.

මත්තල - දිලීප් එන්. ජයසේකර, දෙබරවැව -ඒ. ඒ. පේ‍්‍රමසිරි, කතරගම -කේ. ඞී. දේවප‍්‍රිය



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගාල්ලේ සිට කතරගම ගිය වෑන් රිය තණමල්විලදී ගසක හැපී 6ක් මරුට - 3 කට බරපතළයි
ගාල්ලේ සිට කතරගම ගිය වෑන් රිය තණමල්විලදී ගසක හැපී 6ක් මරුට - 3 කට බරපතළයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPMqlV45poQMEiUrpb5eDkV2qDtW2e8aHkxwVxS8Ns79hSTU9C7ZIu406auchO4XUcvXpN0i5O8HhvNikbisWLQm-MED7Ohz2Bf1W3hi7q7o1TiX8gp9XWrIuas7zqX2DKb_G7IOvk_ETC/s320/p1-4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPMqlV45poQMEiUrpb5eDkV2qDtW2e8aHkxwVxS8Ns79hSTU9C7ZIu406auchO4XUcvXpN0i5O8HhvNikbisWLQm-MED7Ohz2Bf1W3hi7q7o1TiX8gp9XWrIuas7zqX2DKb_G7IOvk_ETC/s72-c/p1-4.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/6-3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/6-3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy