මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ලංකාවට රැගෙන විත් පදිංචිකරමින් සිටින බවත් එයට තමා මැදිහත්ව කටයුතු කරන බවටත් ඇතම් වෙබ් අඩවි සහ සමාජ මා...
මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ලංකාවට රැගෙන විත් පදිංචිකරමින් සිටින බවත් එයට තමා මැදිහත්ව කටයුතු කරන බවටත් ඇතම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගෙන යන ජාතිවාදී ප්‍රකාශ පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වා එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට පැමිනිල්ලක් ඉදිරිපත්කල බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසිය.
ඔහු එබව සඳහන් කලේ මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට ලංකාවට එන්නැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ආරාධනයක් කර ඇතැයි වෙබ් අඩවි කිහිපයක පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදීය.
රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ලංකාවට රැගෙන එනබවට හෝ ඒ සම්බන්ධයෙන් හෝ කිසිදු ප්‍රකාශයක් කිසිදු ස්ථානයක තමා ප්‍රකාශ නොකල බව ඇමතිවරයා අවධාරණය කර සිටියේය.
සිංහල ,දෙමල ,මුස්ලිම් සහජීවනයෙන් ජීවත්වන මෙරට මෙවැනි ප්‍රකාශ සිදුකරමින්, තමාද මෙයට සම්බන්ධකර ගනිමින්, ගැටුම් නිර්මාණය කිරීමට වෙර දරන ජාතිවාදී කුමන්ත්‍රණකරුවන් අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍ය නිසා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිලි කල බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේය.
නිදහසින් පසුව ලංකාවේ විවිධ අවස්ථා තුළ මෙවැනි ජාතිවාදීන් විවිධ ස්වරූපතුලින් කරලියට පැමිනෙන බවත් වසර තිහක කුරිරු යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලාංකිකයින්ට මෙවැනි ජාතිවාදීන් නිසා නැවතත් රට තුළ අසමගියක් ඇති කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.
COMMENTS