ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය ටයර් කට්ටල සැපයීම හා බෙදාහැරීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම පිණිස විවෘත තරගකාරී ලංසු කැඳවා...
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය ටයර් කට්ටල සැපයීම හා බෙදාහැරීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම පිණිස විවෘත තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසුකරුවන් දෙදෙනෙකු විසින් ඒ සඳහා මිලගණන් ඉදිරිපත් කරනු ලැබ තිබිණ.
එම මිල ගණන් ඇගයීමට ලක් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ විවිධ වර්ගවල ටයර් කට්ටල 33,672ක් සැපයීම සඳහා වූ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1,115 කට M/s. CEAT Kelani International Tyres (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව පසුගිය වර අමාත්‍ය මණ්ඩල හමුවේ දී අනුමත කරන ලදී.
COMMENTS