කලා ක්ෂේත්‍රයට විශිෂ්ඨ මෙහෙවරක් සිදු කළ ප්‍රවීන තිර රචකයෙකු, නවකතාකරුවෙකු සහ මාධ්‍යවේදීයෙකු වූ සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ...
කලා ක්ෂේත්‍රයට විශිෂ්ඨ මෙහෙවරක් සිදු කළ ප්‍රවීන තිර රචකයෙකු, නවකතාකරුවෙකු සහ මාධ්‍යවේදීයෙකු වූ සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (09)ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේය.
මියයන විට සෝමවීර සේනානායක මහතා 74 වන වියේ පසු වුණි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ උපත ලද ඔහු විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරා මාධ්‍යවේදීයෙකු ලෙස ලේක් හවුස් ආයතනයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ අයෙකු වෙයි.
1969දී නවකතා රචනය පිවිසි ඔහු කෙටිකතා සංග්‍රහ, ළමා පොත් ඇතුළු පොත් රාශියක් රචනා කර තිබේ.
පිටපත් රචකයෙකු ලෙස කන්දේ ගෙදර, දූදරුවෝ, චරිත තුනක්, සිත නිවන කතා ආදී ටෙලි නිර්මානවලට ද මිහිදුම් සිහින, ආරාධනා, අම්මාවරුනේ ආදි සිනමා නිර්මාණවලට ද සෝමවීර සේනානායක මහතා දායක වූ අයෙකි.
COMMENTS