ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අය පාර්ලිමේන්තුවට ගෙන ආවේ දේශපාලන අරමුණක් ඇතිව බව සරත් ෆොන්සේකාගේ අවලාදවලින් පෙනෙන බව මහාචාර්ය මොහාන් සමරනායක ම...

ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අය පාර්ලිමේන්තුවට ගෙන ආවේ දේශපාලන අරමුණක් ඇතිව බව සරත් ෆොන්සේකාගේ අවලාදවලින් පෙනෙන බව මහාචාර්ය මොහාන් සමරනායක මහතා පවසනවා.ඊයේ (11) ස්වාධීන වෘත්තිකයෝ සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා සදහන් කළේ රටට, ජාතියට, රණවිරුවන්ට හතුරුකම් කරන අයට අද ඉහළ තනතුරුවලින් පුදන බවයි.
"කිසිවකුටත් අවමන් නොකිරීම ශිෂ්ට සම්පන්න සමාජයක සම්මතයක් වගේම මානව හිමිකමක්. බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට පිස්සෙක්, කියන්න සරත් ෆොන්සේකා වෛද්‍යවරයෙක් නෙවෙයි. මේ අවමානය කරන ෆොන්සේකා පස්ස ෙදාරෙන් පාර්ලිමේන්තුවට පැමිණි නමුත් ඔහු ජනතා මුදලින් නඩත්තු වන පුද්ගලයෙක්. 'මිස්ටර් බීන්' කියල මඩ පෝස්ටර් ගහන අය අද පාලකයන් බවට පත් වෙලා. මේ රටේ සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්නවලදී නිර්භයව ඉදිරිපත් වන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිට අවලාද නැඟීම පිළිකුල් සහගතව අපි හෙළා දකිනවා. "
"ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ කළ බවට එල්ල වන චෝදනාව මුහුදින් එතෙර තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ ප්‍රශ්නයක්. ඒ චෝදනා එල්ල වන්නේ හුදෙකලා සිද්ධියක් ලෙස නෙවෙයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදාවට, දේශපාලන නායකත්වයට විරුද්ධව අන්තර් ජාතිකව ගෙනයන මෙහෙයුමේ කොටසක් වශයෙනුයි."
COMMENTS