දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘ප්ලේබෝයි’ තරුණයාගේ කතා වස්තුව හෙවත් ‘මරණින් මතුත් - මැරිලින් මොන්රෝ සමග රමණය‘
Homeප්‍රවෘත්ති

‘ප්ලේබෝයි’ තරුණයාගේ කතා වස්තුව හෙවත් ‘මරණින් මතුත් - මැරිලින් මොන්රෝ සමග රමණය‘

PropellerAds

වයස අවුරුදු 91 දී මියගිය ‘ප්ලේබෝයි’ නිර්මාතෘ හියු හෙෆ්නර්, ලෝකයේ එදා මෙදාතුර බිහිවූ සරාගීම ගැහැනිය ලෙස සැලකෙන අති සුරූපී මැරිලින් මොන්රෝ ...

රිෂාඩ් බදියුදීන් හා සහෝදරයා අත්අඩංගුවට ගනී… අත්අඩංගුවට ගනිද්දී බදියුදීන් සමාජ ජාලය ඔස්සේ වීඩියෝවක් - (video)
මම චොකා මල්ලි වුණේ පොඩි කාලේ ගොඩක් චොකලට් කෑ නිසයි…. එහෙම නැතිව අපි දේශපාලන මැරයෝ නෙමෙයි…. – ප්‍රේමලාල් ජයසේකර
මාස 03කින් ලංකාවේ කොරෝනා පාලනයේ.. ඉන් පසු සාමාන්‍ය ජීවිතය.. රජයේ නිල සැලසුම මෙන්න
‘ප්ලේබෝයි’ තරුණයාගේ කතා වස්තුව හෙවත් ‘මරණින් මතුත් - මැරිලින් මොන්රෝ සමග රමණය‘

වයස අවුරුදු 91 දී මියගිය ‘ප්ලේබෝයි’ නිර්මාතෘ හියු හෙෆ්නර්, ලෝකයේ එදා මෙදාතුර බිහිවූ සරාගීම ගැහැනිය ලෙස සැලකෙන අති සුරූපී මැරිලින් මොන්රෝ අසලින් සැතපෙන්නට සූදානමින් සිටියි. ‘අනංග සීයා’ නමින් විරුදාවලි ලබාසිටි හියු හෙෆ්නර්ගේ මරණයටත් වඩා මේ වන විට පුවත් මවමින් තිබෙන්නේ ඩොලර් හැත්තෑපන් දහසක් ක් කලින් ම ගෙවා, එනම් 1992 වසරේ පටන්  හියු හෙෆ්නර් විසින් සැලසුම් කර තිබූ මේ අවසන් යහන්ගත වීමයි.

තම ජීවිත කාලයෙන් වැඩි කොටස ඔහු ගත කළේ ලෝකයේ සරාගීම සුරූපිනියන් පිරිවරාගෙන ප්ලේබෝයි මන්දිරයේ බඹරෙකු විලසිනි. ඇමරිකානු සංස්කෘතිය තුළ ‘ප්ලේබෝයි මන්දිරය’ (Playboy Mansion) යන්න ‘සුඛපරමවාදය’ හෙවත් ‘ආස්වාදවාදයට’ සමාන වචනයක් විය.

වාර්තාවලට අනුව හියු හෙෆ්නර් විසින් මෙම ‘යහන’ වෙන් කර ගෙන තිබෙන්නේ 1992 වසරේදී ය. මැරිලින් මොන්රෝ සුරූපිනිය මිය ගියේ 1962 වර්ෂයේ ය. කෙසේ නමුත් හියු හෙෆ්නර්ට මොන්රෝ අසලින් ම සැතපෙන්නට විශේෂ හේතුවක් තිබේද? ඔව්. එය එසේ ය. එදා 1953 වසරේදී ඔහු ප්ලේබෝයි මන්දිරය නිර්මාණය කරන්නේ ප්ලේබෝයි සඟරාවේ ආගමනයට සමාන්තරව ය. ඒ පළමු ප්ලේබෝයි සඟරාවේ කවරය සැරසුණේ සුරූපී සරාගිනිය මැරිලින් මොන්රෝගේ රුවෙනි. ප්ලේබෝයි සඟරාවේ තේමාව එහි කවරයේ සඳහන් වෙයි. ‘පිරිමින්ගේ සතුට සඳහා..” කවරයේ තවත් තැනෙක දැක්වෙන්නේ පළමු වතාවට මැරිලින් මොන්රෝ, සඟරාවකට ලබාදෙන නග්න ඡායාරූපවලින් ඇතුල් පිටු සමන්විත වන බවයි. 

‘ඇතුල් පිටු’?.. ඔව්. ඔහුගේ කතාව කියවා ගත යුත්තේ එතැනිනි. ප්ලේබෝයි කෙනෙක් වශයෙන් හෙෆ්නර්ට හෙන සදාචාරයක් තිබිණි.

ඉතා සරලව කියන්නේ නම් ඔහු කිසිදා ‘ගෙඩි පිටින් සංසර්ගය’ මාකට් කළේ නැත. ඔහු පහන් නිවා දැමූ නිදන කාමරයක ඇති හැකි ආත්මාර්ථකාමීන් විසින් රහසින් තලු මැරූ ස්ත්‍රී රූපය, සෞන්දර්යාත්මක ලෙසින් ආලින්දයට කැන්දාගෙන ආවේය. කාම සිත්වලට විවෘත වෙළඳපොළක් නිර්මාණය කර දුන්නේය. නමුත් සඟරා නිර්මාණකරුවෙක් වශයෙන් හියු හෙෆ්නර් ලංකාවේ බසින් කියනවා නම් පිටකොටුවේ යට ගසා විකුණන සකලවිධ ‘වැල’ සඟරා සහ පුවත්පත්වලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටියේය. අද ද එය එසේය.

හියු හෙෆ්නර් ප්ලේබෝයි සඟරාව පටන් ගන්නා අවධියේ” එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසු 50 දශකයේ ඇමරිකාවේ පැවතියේ අද ලංකාවේ පවතින පසුගාමී කුහක සුචරිතයට නොදෙවෙනි තත්වයකි. ඒ කාලයේ සරසවි සිසුවියක් ගැබ් ගැනීම, සිය දිවි හානි කර ගැනීම සඳහා බලකරන සමාජ බලපත්‍රයක් විය. ගබ්සාව නීතිගත වී නොතිබිණි. ලිංගික අපවාද හොර රහසේ තළු මරමින් සංසරණය වෙමින් තිබිණි. විවාහය තුළ පවා මුඛ ලිංගික සංසර්ගයේ යෙදීම නීතිවිරෝධී විය!

නමුත් හියු හෙෆ්නර්ගේ ප්ලේබෝයි ආගමනයෙන් පසු 60 සහ 70 දශකවල ඇමරිකානු සංස්කෘතිය අති ධාවනකාරී අන්දමින් විපර්යාසයකට බඳුන් විය. ඇමරිකානු ඩොලර් මිලියන 20 ක මූලික වටිනාකමකින් යුක්ත වූ ප්ලේබෝයි අධිරාජ්‍යය ගොඩනගන විට හියු හෙෆ්නර්ගේ වයස අවුරුදු 27 කි. ඒ වන විට ඔහු ලෝකයට අවශ්‍ය භෞතික සැප සම්පත් පිළිබඳ මනා සංජානනයකින් පසු වූ තරුණයෙක් විය. සංගීතයෙන් සහ ගෘංගාර රසයෙන් පිරුණු 30 දශකයේ ඇමරිකානු චිත්‍රපටවලට ඔහු රාගාන්විත ලෙස ආදරය කරමින් සිටියේය. සැබවින්ම හියු හෙෆ්නර් කළේ තම ෆැන්ටසිය යථාර්ථයක් බවට පත් කර ගැනීමයි. එහිදී ඔහු කිසිවිටෙක පරාජිතයෙක් වූයේ නැත. ඒ මන්ද? ‘පිරිමි ලෝකයේ බහුතරයේ සතුට’ යනු කුමක්දැයි ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටි නිසා ය. එය කලාත්මක හෝ සෞන්දර්යාත්මක ලෙසින් විදාරණය කරන ආකාරය පිළිබඳ ඔහුට සාර්ථක ‘මාකටින් ප්ලෑන්’ එකක් තිබූ නිසා ය. ඒ අනුව ඔහු හොඳ විෂනරි කෙනෙක් වූ නිසා ය. අදටත් කෙසෙල් ගෙඩි සහ මැද්දෙන් ක්‍රීම් වැක්කෙරෙන සොසේජස් පෙන්වමින් ලිංගිකත්වය ගොන් පාට් එකෙන් මාකට් කරන්නට තැත් කරන ඉරාජ් වැනි ලංකාවේ මෝඩ පහේ තරුණයන්ට හියු හෙෆ්නර් අසලින් දණගසාගෙනවත් හිටගන්නට බැරි ඒ නිසා ය.

 2008 වසරේදී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් (මෙය හියු හෙෆ්නර්ගේ අවසන් මාධ්‍ය හමුව ලෙස සැලකෙයි) ඔහු මෙසේ කීවේය. “මට ප්ලේබෝයි කියන්නෙ බිස්නස් එකක් විතරක් නෙවෙයි. ප්ලේබෝයි කියන්නෙ මගේ ප්‍රේමයේ ආයාසයයි. (It's the labour of Love!) ඒ ආයාසයට ප්‍රේම කරන්නේ නැතිනම් ඔබ මෝඩයෙක්”!!

ජීවන ලලාසාවට පෙම් බඳින්නේ කෙසේදැයි ඔහු මැනවින් දැන සිටියේය. ගැහැනු සිරුර සයුරක් සේ විඳින අයුරු මේ පිරිමියා දැන සිටියේය.

මැරිලින් මොන්රෝ අසලින් සැතපෙන්නට ඔහු ගෙන තිබූ තීරණය ප්‍රකට වීමත් සමග දැන් ඉතින් සුචරිතවාදී ඊනියා ස්ත්‍රීවාදීහු කුපිත වී සිටිති. ඔවුන්ට අනුව හියු හෙෆ්නර් මේ ලෝකයේ සිටින ලොකුම කාම අපරාධකරුවා ය.  නමුත් ඒ මෝඩ ගෑනු කතා මදකට පසෙකින් තැබුවහොත් හියු හෙෆ්නර්ගේ ලෝකයේ විසල් චිත්‍රය ඔබ ඉදිරියේ දිස්වනු ඇත.

හියු හෙෆ්නර් සිය මුල්ම රැකියාව වශයෙන් තෝරාගෙන තිබෙන්නේ ඇමරිකානු හමුදාවේ ලේඛකයෙකු වශයෙන් කටයුතු කිරීමයි. ඔහුට තිබෙන්නේ මනෝවිද්‍යා උපාධියකි. පසුව චිකාගෝ නුවර එස්ක්වයර් මැගසිනයේ ප්‍රවර්ධන නිලධාරියෙකු වශයෙන් කටයුතු කළේය.  ළමා සඟරාවක බෙදාහැරීමේ කළමනාකරු වශයෙන් ද කටයුතු කළේය. පළමු ප්ලේබෝයි සඟරාව බිහිකරන විට ඔහු හැදී වැඩුණු චිකාගෝ නුවර පැවතියේ, මැරිලින් මොන්රෝ පිළිබඳ පුවත් අසන්නට තැපැල් කන්තෝරු සහ තැබෑරුම් අසල ජනයා පොරකමින් සිටි තත්වයකි. සියල්ලන්ටම ඇයව විඳින්නට අවශ්‍ය වී තිබිණි. නමුත් කිසිවෙක් හරිහැටි ඇයව දැක තිබුණේ නැත. “මේක මෙහෙම වෙන්න ඕනෙ නෑ.” යැයි එදා තමන් සිතූ බව හියු හෙෆ්නර් පසුව කියයි. ඔහු පළමු සඟරාව මුද්‍රණය කිරීම සඳහා ඩොලර් 8000 ක් ණයට ගත්තේය. අවසානයේ මැරිලින්ගේ කවරයෙන් සැරසුණු ප්‍රථම ප්ලේබෝයි සඟරාවේ පිටපත් 50,000 ක් ඉතා ලෙහෙසියෙන්ම අලෙවි කළේය. මැරිලින් මොන්රෝ පසුව මේ ගැන කීවේ කුමක්ද? ඇය විසින්ම පසුකලෙකදී ඒ පිළිබඳ කරන ප්‍රකාශවලට අනුව මැරිලින්, ප්‍රථම ප්ලේබෝයි සඟරාවේ කවරය සරසන්නේ ඇයට ඒ වන විට රංගනයෙන් ලැබෙන ආදායම අඩු වී තිබූ නිසා ය. මොඩ්ලින් ගාස්තුව වශයෙන් හියු හෙෆ්නර් ඩොලර් 50 ක් ඇයට ගෙව්වේය. සිය ස්වයං චරිතාපදානය වන Marilyn: Her Life in Her Own Words  හි මැරිලීන් මෙසේ ලියන්නීය. “නිරුවත් මැරිලින් ගේ ඡායාරූපවලින් මිලියන ගණන් මුදල් උපයාගත් අය කිසිවිටෙක මට ‘ස්තූතියි’ යනුවෙන්වත් කියා නැත. මා පෙනී සිටි කවරය දැකබලා ගැනීම සඳහා මට ද සඟරාවක් මිලදී ගන්නට සිදුවිය.” නමුත් මේ කවරයෙන් පසුව මැරිලීන්ට රංගන අවස්ථා ගලා ආවේය. ඇය අවසානයේ නතර වුණේ එවකට ප්‍රබල දේශපාලනඥයෙකු වූ සහ අනාගත නායකයෙකු වූ ජෝන් එෆ් කෙනඩිගේ තුරුලේ ය. 1993 වසරේ කවරය සැරසූ ‘ප්ලේමේට්’ ඇනා නිකොල් ස්මිත්, එම නිරූපණයෙන් අනතුරුව එක රැයින් තරුවක් බවට පත්වූ අතර, එවකට 26 හැවිරිදි වූ ඈ, 89 හැවිරිදි ධන කුවේරයෙකු සහ ඛනිජ තෙල් ව්‍යාපාරිකයෙකු වූ ජේ. හොවාඩ් මාෂල් සමග එයින් වසරකට පසු අතිනත ගත්තාය. සුරූපී මැඩෝනාගේ රුවින් 1985 සැප්තැම්බර් ප්ලේබෝයි සඟරාවේ කවරය සැරසීමෙන් අනතුරුව ඇය එක රැයින් තරුවක් බවට පත්විය. 2016 වසරේදී හියු නිවේදනය කර සිටියේ මින් ඉදිරියට කිසිදු පූර්ණ නග්න රූපයක් ප්ලේබෝයි සඟරාවල පළ නොකරන බවය. 2000 වසර වන විට කේට් මොස් වැනි ලෝකයේ අංක එකේ නිරූපණ ශිල්පිනියන්” ප්ලේබෝයි සඟරාවේ කවරයට පෙනී සිටීම සිය වෘත්තීය ජීවිතයට ඉණිමගක් සහ ගෞරවයක් සේ සලකන්නට පටන් ගත්හ.

“මට කිසිදාක සෙක්ස් මැගසින් එකක් කරන්න උවමනා වුණේ නැහැ.” හියු හෙෆ්නර් පසුව කියයි. “මම හැමවිටම සිතුවේ ලිංගිකත්වය වැදගත් අමුද්‍රව්‍යයක් වශයෙන් යොදාගත් ලයිෆ්ස්ටයිල් සඟරාවක් නි්රමාණය කරන්නයි” ඔහු තම ජීවන ලලාසාව ‘ජීවන විලාසයක්’ (ලයිෆ් ස්ටයිල් එකක්) බවට පත් කර සමාජ ගත කරමින් සිටියේය.

මෙයට සමාන්තරව ලොව පුරා ප්ලේබෝයි සමාජ ශාලා බිහිවිය. කායික සතුට වෙනුවෙන් නිර්මාණය වූ වීදි, විසල් හුදෙකලා නගර අතික්‍රමණය කළේය. 1966 වසරේ එංගලන්තයේ ප්ලේබෝයි ලන්ඩන් ක්ලබ් විවෘත කෙරුණේය. එය පළමු අන්තර්ජාතික ප්ලේබෝයි රජදහන විය. 60 සහ 70 දශකයේ එහි දැකගත හැකි වූ ලෝ ප්‍රකට මුහුණු අතර සුපිරි ජේම්ස් බොන්ඩ් නළු ෂෝන් කොනරි, ජෝන් කොලින්ස්, රොජර් මුවර්, වූඩි ඇලන්, ප්‍රකට ලේඛිකා කෙනත් ටයිනන් යනාදීහු වූහ. ඒ වන විට ලන්ඩනය අත්දකිමින් සිටි සමාජ නිදහස දළු ළමින් වැඩෙන්නට හියු හෙෆ්නර්ගේ සංස්කෘතිය තෝතැන්නක්ම විය. 1981 වසරේදී එංගලන්තය කැසිනෝ සඳහා නව නීති ගෙන ඒමත් සමග ඒ ව්‍යාපාරය යම් පසුබෑමකට ලක්වුවද අද පවා ප්ලේබෝයි ක්ලබ්ස්, ලන්ඩන් ඉතිහාසයේ සන්ධිස්ථානයකි. පාක් ලේන් හි පිහිටි එම සමාජ ශාලාව අද වන විට සුවිසල් හෝටලයකි. 2011 වසරේදී හියු පාක් ලේන් වෙනුවට මේෆෙයර් ප්‍රදේශය තෝරාගනිමින් නැවත පණ ගසා එයි. එහි සේවය සඳහා සුරූපී තරුණියන් හෙවත් ‘බනීස්’ලා 80 දෙනෙක් සමග ‍සේවකයන් 850 දෙනෙක් බඳවා ගනියි. සුපිරි ඉංග්‍රීසි ගායක එල්ටන් ජෝන්ගේ දීර්ඝ කාලීන සහකරු සහ පෙම්වතා වන ඩේවිඩ් ෆර්නිෂ් ද ඒ අතර වෙයි. ඔවුන් මුලින්ම හමුවන්නේ ද එහිදී ය. 

පසුකලෙක හියු හෙෆ්නර් සමලිංගික විවාහ වෙනුවෙන් කතා කරන්නෙක් සහ පෙනී සිටින්නෙක් බවට ද පත්විය. ඒ ගැන ඔහු කීවේ මෙසේ ය. “එය අපේ සියලු අයිතිවාසිකම් වෙනුවෙන් කරන සටනක්..” හියුගේ සඟරාවේ මාතෘකා පුළුල් පරාසයක විහිදුණේය. එය ලිබරල් මත්ද්‍රව්‍ය නීති, ගබ්සා අයිතිය මෙන්ම සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද කතා කළේය. ඔහු මාටින් ලූතර් කිංගේ අයිතිවාසිකම් ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම මාටින් ලූතර්ගේ හොඳ මිතුරෙකු ද විය. 70 දශකය මුල භාගය වන විට ප්ලේබෝයි සඟරාව ලොව පුරා පිටපත් මිලියන 7කට වඩා අලෙවි වී තිබුණේය. ඒ කාලයේ සිදුකෙරුණු එක් සමීක්ෂණයකින් හෙළි වූයේ ඇමරිකානු කොලීජි ශිෂ්‍යයන්ගෙන් හතරෙන් එකක්ම පුරුද්දක් වශයෙන් ප්ලේබෝයි සඟරාව මිලදී ගන්නා බවයි. 

ප්ලේබෝයි සඟරාවට ලිපි සැපයූවන් අතර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සහ රෝලන්ඩ් ඩාල් වැනි සුප්‍රසිද්ධ සහ සම්මානීය ලේඛකයන් ද සිටි බව ඔබ දන්නවාද? ළමා ප්‍රබන්ධකරුවෙක් වශයෙන් අසිරිමත් නමක් දිනා සිටි රෝල් ඩාල් 1965-1974 අතර කාලයේදී අඳුරු ෆැන්ටසි සපිරි කතා මාලා 4 ක් ප්ලේබෝයි සඟරාවට තමන්ගේ නමින්ම ලියුවේය. ඒවා 1974 වසරේදී Switch Bitch නමින් පොතක් වශයෙන් ද පළ කෙරුණේය. ප්ලේබෝයි හි ලේඛක ලැයිස්තුව ඉතා දිගුය. එහි සඳහන් ලෝක ප්‍රකට නාමයන් අතර ජැක් කෙරෝක්, ඉයන් ෆ්ලෙමිං ආදීහු ද වෙති. සුපිරි ජේම්ස් බොන්ඩ් රචක ඉයන් ෆ්ලෙමිං On Her Majesty's Secret Service නමැති ප්‍රකට ජේම්ස් බොන්ඩ් කතාව කොටස් වශයෙන් පළ කළේ ප්ලේබෝයි සඟරාවේ ය. එනමින් යුත් චිත්‍රපටය එළි දකින්නේ එයට සය වසරකට පසු ය. ලොලිතා ලියූ ව්ලැදිමීර් නැබකොව් ප්ලේබෝයි සඟරාවේ සම්පූර්ණ නවකතා දෙකක්ම කොටස් වශයෙන් පළ කළේය. ගේබ්‍රියෙල් ගාෂියා මාකේස් නිතර ප්ලේබෝයි වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදුණු අයෙකි. මායාවී මළකඳක අබිරහස සොයාගනු වස් කියන කුඩා දකුණු ඇමරිකානු ධිවර ගම්මානයක කතාව රැගත් The Handsomest Drowned Man in the World  ඔහු පළ කළේ 1968 වසරේ පළ වූ ප්ලේබෝයි සඟරාවල ය. ශ්‍රී ලාංකිකයන් සදා ආඩම්බර වන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් එවකට යාවජීව ප්ලේබෝයි සම්මාදම්කරුවෙක් විය. මේ සුපිරි විද්‍යා ප්‍රබන්ධකරුවාගේ Dial F For Frankenstein කතාව වෙනුවෙන් හියු හෙෆ්නර් නොමසුරුව ප්ලේබෝයි සඟරාවේ ඉඩ වෙන් කළේය.

ප්ලේබෝයි සඟරාවේ පස්වන සංවත්සරය වන විට එහි ප්‍රින්ට් ඕඩරය හෙවත් මුද්‍රණ ඇණවුම, මසකට පිටපත් දස ලක්ෂයක් හෙවත් මිලියනයක් විය. හියු හෙෆ්නර් ඒ පුරවමින් සිටියේ රික්තකයකි. ඒ රික්තකය තුළ ඔහු ‘පණ පිටින් දිව්‍ය ලෝකයට යාම’ ඔහුගේ ආයාසයේ ප්‍රතිඵලයකි. දශක හයක් තිස්සේ ඒ දිව්‍ය ලෝකය නඩත්තු කර ගැනීමට සමත් වීම හෙවත් ‘එක්ස්පයර් නොවීම’ හෙවත් ‘කල් ඉකුත් නොවීම’ ඔහුගේ පෙර දැක්මේ ප්‍රතිඵලයකි.

දැන් ඉතින් මේ ප්ලේබෝයි ‘තරුණයා’", මරණින් මතුත් රමණයෙන් සැනසෙන්නේය. මේ ලෝකයේ සරාගීම ගැහැනියකගේ ඉහ ඉද්දර සැතපෙන්නේය. ඉතින් ඔහු එක්තරා වීරයෙක් නොවේද..? 

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘ප්ලේබෝයි’ තරුණයාගේ කතා වස්තුව හෙවත් ‘මරණින් මතුත් - මැරිලින් මොන්රෝ සමග රමණය‘
‘ප්ලේබෝයි’ තරුණයාගේ කතා වස්තුව හෙවත් ‘මරණින් මතුත් - මැරිලින් මොන්රෝ සමග රමණය‘
http://ift.tt/2xINlIb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_925.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_925.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy