දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් සභා ඡන්ද දින නියමයක් නොමැතිව කල් දැමීම
Homeප්‍රවෘත්ති

පළාත් සභා ඡන්ද දින නියමයක් නොමැතිව කල් දැමීම

PropellerAds

ඡන්ද නොපවත්වා, පවතින පළාත් සභා වල නිල කාලය දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ඔවුන් මුලින් උත්සාහ දැරුවද, එවන් ව්‍යවස්ථා සංශෝධන...

ආරක්‍ෂක ලේකම් පිස්සෙක්.. දෙමලෙන් ජාතික ගීය නොගයා රට ඉස්සරහට යන්න බෑ - මංගල
එයා බස් ගණුදෙනුවෙන් බුකි මන්ත‍්‍රීවරයෙකුට විශාල කොමිස් මුදලක්
සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අත්හිටුවයි
පළාත් සභා ඡන්ද දින නියමයක් නොමැතිව කල් දැමීම

ඡන්ද නොපවත්වා, පවතින පළාත් සභා වල නිල කාලය දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ඔවුන් මුලින් උත්සාහ දැරුවද, එවන් ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීමට නම් ජනමත විචාරණයක්ද අවශ්‍ය වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව නිසා එම උත්සාහය ව්‍යර්ථ විය. දැන් සුපුරුදු පරිදි වත්මන් පළාත් සභා වසර පහක ධූර කාලය සම්පූර්ණ කිරීමත් සමඟ ව්‍යවස්ථාවේ 154(ඉ) වගන්තිය ප්‍රකාරව ස්වයංක්‍රීයවම විසිරෙනු ඇත. ඉදිරි දින කිහිපය ඇතුළත සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා මේ අකාරයට අහෝසි වීමට නියමිතය. සෙසු පළාත් සභා 2018 හා 2019 අවුරුදු වල විවිධ අවස්ථාවලදී විසිරීමට නියමිතය.

පළාත් සභා වල විසිරයාම වැලැක්විය නොහැකි වුවද, පළාත් සභා ඡන්ද නීතියට ආණ්ඩුව විසින් කඩිමුඩියේ හඳුන්වා දුන් වෙනස්කම් නිසා ඡන්ද කොට්ඨාශ සිමා නිර්ණය කළ යුතුය යන කාරණය පෙන්වමින් දින නියමයක් නොමැතිව සියළු පළාත් සභා වලට ඡන්ද පැවැත්වීම ප්‍රමාද කිරීමට ආණ්ඩුවට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත. දැනට අවුරුදු දෙකහමාරකට වඩා වැඩි කාලයක් ප්‍රමාද වී ඇති පළාත් පාලන ඡන්ද කල්දැමීමටද ආණ්ඩුව භාවිතා කලේ මෙවැනිම උප්පරවැට්ටියකි. මේ ආණ්ඩුව ඡන්ද පැවැත්විම මඟහැරීම සඳහා රටේ නීති සම්පාදන ක්‍රියාවලිය ඔලුවෙන් සිටවා ඇත. පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී පනත් කෙටුම්පතකට සංශෝධන ගෙන එන්නේ එම ලියවිල්ල සම්මත කිරීම සඳහා අවශ්‍ය වන සුළු තාක්‍ෂණික වෙනස්කම් කිරීමට පමණි. නමුත් පසුගිය දින වලදී ආණ්ඩුව වෙනත් කාරණා සඳහා ගෙන එනලද පනත් කෙටුම්පත් වලට කමිටු අවස්ථාවේදී සංශෝධන ගෙන එමින් පළාත් පාලන ඡන්ද ක්‍රමයේත් පළාත් සභා ඡන්ද ක්‍රමයේත් සම්පූර්ණ වෙනසක් ඇතිකරන ලදී.

රටේ නීති සම්පාදන ක්‍රියා පටිපාටිය මේ ආකාරයට අවභාවිතාවට ලක් වීම මීට පෙර කිසිදාක මේ රටේ සිදුවී නැත. පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩි කිරීමට යැයි කියමින් ගැසට් කර තිබුණු පිටු එකහමාරටත් අඩු පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී තව පිටු 31 ක සංශෝධන ගෙන එමින් ඔවුන් පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කළේය. පළමු පළාත්

සභා තුන ස්වයංක්‍රීයවම විසිරයාමට දින කීපයක් තිබියදී පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කිරීමෙන් පෙනී යන්නේ ඡන්ද පැවැත්වීමෙන් වැලකී සිටීමට මේ ආණ්ඩුව ඕනෑම දෙයක් කිරීමට සූදානම් බවයි. සමානුපාතික ඡන්ද පදනම මත පත්වෙන පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ගණන 40% සිට 50% දක්වා ඉහල දැමුවේ නැතිනම් මේ සංශෝධන වලට ඡන්දය දෙන්නේ නැතැයි ඇතැම් දේශපාලන පක්‍ෂ කියා සිටි විට, ආණ්ඩුව යමින් ගමන්ම එයද වෙනස් කළේය.

මීට දින කිහිපයකට පෙර පළාත් පාලන ඡන්ද ක්‍රමයේ ඇතිකරන ලද වෙනසට අනුව පළාත් පාලන ආයතන වලට සමානුපාතික පදනම යටතේ තේරී පත්වෙන මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිශතය 40% වේ. ඒ අනුව පළාත් පාලන ආයතන වලටත්, පළාත් සභා වලටත් නියෝජිතයන් තේරී පත්වීමේ ක්‍රමයන් අතර විෂමතාවයක් පැනනැගේ. ඡන්ද පැවැත්වීමෙන් වැලකී සිටීමේ වුවමනාව මත මැතිවරණ නීති වලට මේ වෙනස්කම් සිදු කරන්නේ කිසිදු මූලධර්මයක් මත හෝ ක්‍රමවේදයකට අනුව නොවේ. මේ අවිධිමත් වැඩපිළිවෙල නිසා අපේ රටේ මෙතෙක් පැවති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයද බරපතල අවදානමකට ලක් වී ඇත.

තව දින කිහිපයකින් පළමුවෙන්ම විසිරී යන පළාත් සභා තුන අතර නැගෙනහිර පළාත් සභාවද වෙයි. එය විසිරගිය පසු එම පළාතේ පළාත් සභාවක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ නොමැති තත්වයක් උද්ගත වනු ඇත. 2008දී උතුරේ යුද්ධය උච්චතම අවස්ථාවට පැමිණ තිබියදීත් මගේ ආණ්ඩුව මුලින්ම 2008 මාර්තු මාසයේදී නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන ඡන්දයත් ඉන්පසු 2008 මැයි මාසයේදී නැගෙනහිර පළාත් සභා ඡන්දයත් පැවැත්විය. මේ එම පළාත ත්‍රස්තවාදි ග්‍රහනයෙන් මුදවා ගැනීමෙන් පසු එම ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට තිබුණු අවශ්‍යතාවය නිසාය. මීට දශකයකට පමණ ඉහතදී නැගෙනහිර පළාතේ පළාත් සභා හා පළාත් පාලන ආයතන නොතිබුනේ ත්‍රස්තවාදීන් නිසාය. දැන් නැගෙනහිර පළාතේ පමණක් නොව රටේ සෙසු ප්‍රදේශ වලද පළාත් පාලන ආයතන නැත්තේත් තිබෙන පළාත් සභා සියල්ල එකින් එක අහෝසි වීමට යන්නේත් යහපාලන ආණ්ඩුව නිසාය.

1988 – 89 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද ඡන්ද තහනමෙන්වත්, දශක තුනක කොටි ත්‍රස්තවාදයෙන්වත් වත්මන් ආණ්ඩුව කර තිබෙන ආකාරයට ඡන්ද ක්‍රියාදාමය නවතා දැමීමක් සිදු නොවූ බවඅප කවුරුත් මෙනෙහි කළ යුතුය.පළාත් සභාවල නිල කාලය දිගු කිරීමට හෝ ඡන්දය කල් දැමීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය වෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබියදීත්, මේ ආකාරයට පස්සා දොරෙන් ඡන්ද නීතිය වෙනස් කර ඡන්දය නොපවත්වා සිටීමෙන් අධිකරණයද බරපතල ලෙස හෑල්ලුවට ලක් වෙන බවද නොකිවමනාය. ඊනියා යහපාලන කල්ලිය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සියල්ල විනාශ කිරීමට ගෙන යන මේ වැඩ පිළිවෙලට එරෙහිව ජනතාව සංවිධානය විය යුතුය.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් සභා ඡන්ද දින නියමයක් නොමැතිව කල් දැමීම
පළාත් සභා ඡන්ද දින නියමයක් නොමැතිව කල් දැමීම
http://ift.tt/2fETi15
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_898.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_898.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy