දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනාගත යුද්ධය ජලය වෙනුවෙන්…
Homeප්‍රවෘත්ති

අනාගත යුද්ධය ජලය වෙනුවෙන්…

PropellerAds

ලෝක භූමි ප්‍රමාණයෙන් 75%ක් ජලය ඇති නමුත් ඉන් පානීය ජලය සඳහා යොදාගත හැක්කේ 0.01%ක ප්‍රමාණයක් බවත් අතීතයේ දී තෙල් නිධි හේතුවෙන් රටවල් අතර යුද...

"නව අග්‍රාමාත්‍යවරයා පත්කිරීම නීති විරෝධී නම් 2015දී රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යධුරයට පත්වීමත් නීති විරෝධීයි" - විජේදාස
"ජනාධිපතිතුමා වැරදි දේවල්වලට සහය දෙන කොට අපි විවේචනය කළා - දැන් එතුමා නැවතත් හරි තැන තෝරාගෙන" - ගම්මන්පිළ
නව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

ලෝක භූමි ප්‍රමාණයෙන් 75%ක් ජලය ඇති නමුත් ඉන් පානීය ජලය සඳහා යොදාගත හැක්කේ 0.01%ක ප්‍රමාණයක් බවත් අතීතයේ දී තෙල් නිධි හේතුවෙන් රටවල් අතර යුද්ධයන් ඇති වූවාවක් මෙන් අනාගතයේ දී පානීය ජලය හේතුකොටගෙන ද රටවල් අතර යුද්ධයන් ඇතිවීමේ ඉඩකඩ පවතින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (15) මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේ පැවැති ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය හා වෙරළ පිරිසිදු කිරීම - 2017 වැඩසටහන සඳහා සහභාගි වෙමිනි. "ප්ලාස්ටික් හා පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් භාවිත කිරීම තහනම් කරමින් පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අභියෝගාත්මක තීරණයක් ක්‍රියාත්මක කළා. ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීම සඳහා පරිසරයට සිදුවන හානියට එහා ගිය යමක් තිබෙනවා. අදවන විට ලෝකය පුරා අතලොස්සක් රටවල් තමයි මෙවැනි ද්‍රව්‍යයන් භාවිත කරනු ලබන්නේ. මේවා භාවිතයේ දී විෂ රසායන ද්‍රව්‍යයන් නිෂ්පාදනය වන බවට සොයාගෙන තිබෙනවා. ඒ නිසයි පොලිතින් නිෂ්පාදන කිහිපයක් තහනමට ලක් කළේ. මේ පිළිබඳ ව නිසි දැනුම්වත් වීමකින් නිසි පාලනයක් ඇතිකර ගත හැකියි" යැයි ද කීය. ආසියානු රටවල් මෙන් ලෝකයේ දියුණු වෙමින් පවතින රටවලින් වාර්ෂිකව ප්ලාස්ටික් ඇතුළු අහිතකර ද්‍රව්‍යයන් මෙට්‍රික් ටොන් මිලියන 6.4ක් මුහුදට මුසු වෙන බවත් මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වුවහොත් සාගරයේ අසිරිය පමණක් නොව ඉන් නෙලාගන්නා දෙවල් සඳහා ද අනාගතයේ දී තර්ජන ඇතිවිය හැකි බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා එබැවින් ඉදිරියේ දී ධීවරයාට නිසි මත්ස්‍ය අස්වැන්නක් ලබාගත නොහැකි වන බවත් පෙන්වා දුනි. මේ වන විට ප්ලාස්ටික් තන්තු (Fibre) ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක කරගත නොහැකිව පවතින බවත් එබැවින් බෝට්ටු මෙන් ම ධීවර කර්මාන්තය සඳහා යොදාගන්නා සෙසු ආම්පන්න නිෂ්පාදනය සඳහා තන්තුමය ප්ලාස්ටික් නොවන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය යොදාගැනීමට කටයුතු කරන ලෙසට අමාත්‍යංශ නිලධාරීන් වෙත තමන් උපදෙස් ලබාදී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය. අපට ඇති සම්පත්වල වටිනාකම අවබෝධ කරගත යුතු බවත් වෙරළ ආරක්ෂා කිරීමට සිදුකරන මෙම වැඩපිළිවෙළ හරහා කිලෝමීටර් 1600ක් පමණ වන වෙරළ තීරය එක් දවසකින් මෙන් ම සතියකින් පිරිසිදු කර අවසන් කළ නොහැකි බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය. වෙරළ පමණක් පිරිසිදු කිරීමෙන් නිසි ලෙස අරමුණු ඉටුකරගත නොහැකි බවත් සියලු කටයුතු සඳහා ජනතාව මෙන් ම දේශපාලන අධිකාරිය එකට එක්ව කටයුතු කළ නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනාගත යුද්ධය ජලය වෙනුවෙන්…
අනාගත යුද්ධය ජලය වෙනුවෙන්…
http://ift.tt/2jwEiGK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_892.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_892.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy