මිනිහෙකුට යමක් ඉවසා සිටීමට හේතු පැවතියද, කිසියම් මොහොතක එය පුපුරා යන බවත්, එතෙක් බලාසිටීම නිවටකමක් සේ පෙනෙන්නට හැකි බවත්, ජනාධිපති මෛත්‍රී...
මිනිහෙකුට යමක් ඉවසා සිටීමට හේතු පැවතියද, කිසියම් මොහොතක එය පුපුරා යන බවත්, එතෙක් බලාසිටීම නිවටකමක් සේ පෙනෙන්නට හැකි බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉවසා බැරිම තැන ගත යුතු නිවැරදි තීන්දුව ගෙන ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (30) පැවසීය.
ගම්මන්පිල මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද පැවසීය.
“දිය බින්දුවක් වුණත් මල් පෙත්තක් මතට වැටුණොත් උරාබොන්න පුලුවන්. ඒත් එය අසූචි ගොඩක් උඩට වැටුණොත් අපි පයින් පාගන්නවත් යන්නේ නැහැ. ඕනෑම දෙයක් තිබෙන තැන අනුව වටිනාකම වෙනස් වෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඒක අදාළයි. අපේ කැබිනට් මණ්ඩලයේ ඉන්න කාලේ අපි එතුමාව විවේචනය කළේ නැහැ. වැරදි තැනකට ගිහින් වැරදි දේවල්වලට සහය දෙන කොට අපි විවේචනය කළා. දැන් එතුමා නැවතත් හරි තැන තෝරාගෙන තිබෙනවා. ඒ නිසා අපිට එතුමා ගැන දැන් විවේචනයක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතාම පාපෝච්චාරණය කර තිබෙනවානේ තමන්ට වැඩ කරන්න සිදුවුණු තත්ත්වය ගැන. එතුමාත් ඉවසලා බැරිම තැන තීන්දුවක් අරගෙන තිබෙනවා.”
COMMENTS