දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිට්ලර්ගේ මුණුබුරන් පාර්ලිමේන්තු ආ වගයි!
Homeප්‍රවෘත්ති

හිට්ලර්ගේ මුණුබුරන් පාර්ලිමේන්තු ආ වගයි!

PropellerAds

ඔවුන් තමන්ව හඳුන්වා ගන්නේ ‘විකල්ප ජර්මනියක් සඳහා සටන් වදින්නන්’ වශයෙනි. සැබවින්ම ඒ හැඳින්වීම විනීත වැඩි ය. තමන් ‘නියෝ නාසීන්’ හෙවත් ‘නූතන...

පහර කෑ තුවාල තුලින් විෂබීජ ශරීර ගතවී දැරියක මරුට
මාගේ පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකරගත් පරිදි එකම පුතා ද අහිමිකරගැනීමේ අවශ්‍යතාවයක් මට නෑ - චන්ද්‍රිකා කුමාරතුංග
නාමල්ගෙන් Volunteer day
හිට්ලර්ගේ මුණුබුරන් පාර්ලිමේන්තු ආ වගයි!

ඔවුන් තමන්ව හඳුන්වා ගන්නේ ‘විකල්ප ජර්මනියක් සඳහා සටන් වදින්නන්’ වශයෙනි. සැබවින්ම ඒ හැඳින්වීම විනීත වැඩි ය. තමන් ‘නියෝ නාසීන්’ හෙවත් ‘නූතන නාසිවාදීන්’ බව කීවා නම් වැඩේ සරල ය. 

අන්ත දක්ෂිණාංශිකයන් විසින් මේ පක්ෂය පිහිටුවාගත්තේ 2013 අප්‍රේල් මාසයේ ය. එම වසරේ පැවති මහ මැතිවරණයෙන් ඔවුන්ට හිමිවූයේ 4.7%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ජර්මානු ව්‍යවස්ථාදායකයේ ආසනයක් ලබන්නට නම් අවම වශයෙන් 5%ක ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍ය බැවින් ඒ වර ජර්මානු පාර්ලිමේන්තුව අන්තවාදී පහසින් කිළිටි නොවී අනූ නවයෙන් බේරුණේය. ඊළඟ වසරේ පැවති යුරෝපා මැතිවරණයේදී 7%ක් දිනාගෙන යුරෝපා පාර්ලිමේන්තුවේ ජර්මනියට හිමි ආසන 96 අතරින් ආසන 7ක අසුන් ගත්තේය. අනතුරුව එළඹියේ ශ්‍රේෂ්ඨ නායිකා ඇන්ජෙලා මර්කෙල් විසින් දහස් ගණන් සිරියානු සරණාගතයන්ට සිය මව්බිමේ දොරටු විවර කළ ලෝක සරණාගත අර්බුදයයි. මේ අවස්ථාවේදී මේ අන්ත දක්ෂිණාංශික පක්ෂයේ අවලස්සන කම කෙතෙක් දිස්වීද යත්, ඔවුන්ගේ පක්ෂ නායකයන් දෙදෙනෙක්ම කියා සිටියේ දේශසීමාව රැකීම සඳහා සන්නද්ධ බලය යෙදවිය යුතුය කියා ය. සරල ව කියන්නේ නම් සරණාගතයන්ට වෙඩි තැබිය යුතු බව ය. ඒ වන විට ඔවුන් ඔස්ට්‍රියාවේ තමන් පමණටම ජාතිවාදී ෆ්‍රීඩම් පක්ෂය සමග සන්ධානයක් ගසා සිටි අතර එහි හයියද ගෙන ‘කට කියවන්නට’ පටන් ගත්තේය. එවිට යුරෝපා පාර්ලිමේන්තුව යනු ජාතිවාදීන්ට පිනුම් ගැසිය හැකි පතෝල මැස්සක් නොවන බව පසක් කරමින් මේ පක්ෂයට යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකත්වය අහිමි කෙරිණි.

නිල වාර්තාවලට අනුව වසර 2017 වන විට මෙම පක්ෂයේ සාමාජිකයන් සංඛ්‍යාව 35,000 කි. නමුත් 2017 මහමැතිවරණයේදී ඔවුන් ලබාගෙන තිබෙන සමස්ත ඡන්ද ගණන 12%ටක අධික ය. මෙසේ වන්නේ මර්කෙල්ගේ සන්ධානය පවා 40%ක් ඉක්මවන්නට අසමත් වන වාතාවරණයක් තුළ ය. මෙයින් අදහස් වන්නේ කුමක්ද? අනාගත ජර්මනිය භූමි කම්පාවකට මුහුණ දීම පිණිස දැන් පටන්ම සූදානම් විය යුතු බවද?

මේ පක්ෂයේ වත්මන් නායකයන් දෙදෙනා වන්නේ ෆාරුකේ පෙට්‍රි (Faruke Perty) සහ ජෝර්ජ් මෙයුතන් (Jörg Meuthen) ය. පක්ෂයේ ඉදිරි පෙළ අපේක්ෂකයෙක් මෙන්ම නිසැකවම මෙවර පාර්ලිමේන්තු එන නියෝනාසියෙක් වන ඇලෙක්සැන්ඩර් ගෝලන්ඩ් පසුගිය සතියේ කියා තිබුණේ “ලෝකයේ කිසිම රටක පසුගිය වසර කිහිපයේ ජර්මනියේ තරම් අපරාධ සිදු නොවූ බව’ ය. තවද ‘නාසි පාලනය පැවති කාලය අපේ අනන්‍යතාවයට තවදුරටත් කිසිම බලපෑමක් සිදුනොකරන බව’ ය.!!

අන්ත දක්ෂිණාංශිකයන්ගේ මොළය අභ්‍යන්තරයේ පවතින නෛසර්ගික අවුල වටහා ගැනීම සඳහා මේ ප්‍රකාශයන් දෙක පමණක් විමසා බැලීම වුව ද ප්‍රමාණවත් ය. ගෝලන්ඩ් පවසන - පසුගිය වසරවල ජර්මනියේ සිදුවූ අහස පොළොව නුසුළන ‘අපරාධය’ කුමක්ද? එය අන් කිසිවක් නොව, ලෝකයේ ලිබරල්ම නායිකාව ලෙසින්, සිරියානු හා අරාබි සරණාගතයන් සම්බන්ධයෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් විසින් ලක්ෂ 15 ක් වූ සරණාගතයන්ට සිය රටේ දොරටු විවර කිරීමටත්, ඔවුන්ට පුරවැසිභාවය ලබාදීමටත් ගත් නිර්භය තීරණයයි. ඇය එසේ කළේ සරණාගතයන් පිළිබඳ ජගත් සම්මුතීන්ට ගරු කරමින් සහ මානුෂීය පිළිවෙතට ඉඩ දෙමින් බව පැහැදිලි ය. නමුත් ඒ අතරම ඇය වසර කිහිපයක් නොව දශක කිහිපයක් ඉදිරියට සිතන චින්තනයක් සහිත ය. මදක් සිතමු. අන්ත දක්ෂිණාංශිකයන් මාරාවේසයෙන් කෑ ගසනා අන්දමටම, එදා එසේ 2015-2016 සමයේ ජර්මනියේ දොරටු විවර වී පුරවැසිභාවය ලබාගත් පිරිස අතර ත්‍රස්තවාදියෙක් ම සිටියා යැයි මොහොතකට සිතන්න. දැන්, ජර්මනියේ පවතින දැඩි ආරක්ෂක විධිවිධාන හමුවේ ඔහු නිතැතින්ම නිරායුධ වෙයි. ජර්මානු පුරවැසිභාවය නිසා ඔහුට ජීවිතයේ සිහිනෙන් පවා නොපැතූ නිදහස් ජීවිතයක් ලැබේ. ජීවිතයේ පළමු වතාවට ඔහුගේ ආත්මය නිදහස වෙත ඉව කරන්නට වෙයි. කෙමෙන් කෙමෙන් ඔහුගේ ඇවතුම් වෙනස් වේ. පැවතුම් ද වෙනස් වේ. විනාශක ආත්මය, ජීවිතය විඳින්නට පටන් ගනී. ඔබ සිතන්නේ වසර ගණනාවක් හෝ දශක ගණනාවක් ගත වූ පසු දැන් සිටින්නේ සිරියානුවෙක් කියා ද? නැත. ඔහු තනිකර යුරෝපීයයෙකු බවට ක්‍රමයෙන් පත්වෙයි. ත්‍රස්තවාදීන්ට පවා තමන් කවුදැයි අමතක කරවන තරම් නූනත ජර්මානු සමාජය ප්‍රජාතන්ත්‍රීය ඉඩකඩක් සහ සැප පහසුකම් සහිත ය. ඉතින් අවසානයේ එතැන මුසල්මානුවෙකු නැත. සිටින්නේ තවත් එක් ජර්මානුකාරයෙකු පමණි. තවත් සරල උදාහරණයක් කියන්නේ නම් මේ වන විට ලන්ඩන් නගරාධිපති පදවිය හොබවන සාදික් ඛාන් හැසිරෙන්නේ නියම ඉංග්‍රීසි කාරයෙකු ලෙසින් ද නැතිනම් නමෙන් පමණක් හෙළිවන පරිදි මුස්ලිම්කාරයෙකු ලෙසින්දැයි මදක් සොයාබලන්න.! ඉතා කෙටියෙන් කියන්නේ නම් අන්තවාදයට ලෝකයේ හොඳම උපායශීලී පිළිතුර ලබාදුන් නූතන දේශය  ඇන්ජෙලා මර්කෙල්ගේ  ජර්මනියයි.

දැන් ගෝලන් මහා අපරාධයක් ලෙස දකින මේ තියරිය, මොළය උරුක් කරන තරම් සංකීර්ණ එකක්ද? කොහෙත්ම නැත. එසේ නම් ඔවුන්ට එය නොවැටහෙන්නේ ඇයි? සිත් පවිටු නිසා ය. “තොපි අපේ රටවලට ඇවිත් අපේ දේ ගසා කනවා..” හෝ “තොපි ව අපිට පේන්න බෑ” යන මන්ද මානසිකත්වය නිසා ය.

මේ මහමැතිවරණයෙන් අනූ ගණනක් දෙනා පාර්ලිමේන්තු එවන ඔවුන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිවලින් කිහිපයක් මෙසේ ය. දේශපාලන රැකවරණ නඩු සඳහා තිබෙන තනි පුද්ගල අයිතිය ජර්මානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුය. සියලුම ජර්මානු යුරෝපා සංගම් දේශසීමා වසා දමා එය සරණාගතයන්ට තහනම් රටක් බවට පත් කළ යුතුය. දැනට පුරවැසි භාවය ලබාගෙන නැති, නමුත් ඒ සඳහා අයදුම් කර ඇති සියලුම දෙනා වහාම පිටුවහල් කළ යුතුය. එසේ පිටුවහල් කරන, ඔවුන් පැමිණි රටවල් මිනිසුන්ට ජීවත් වීමට සුදුසු වුවත් නැති වුවත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. සරණාගතයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් වගකියනු නොලැබේ. ජර්මනිය තුළදී යම් විදේශිකයෙක් අපරාධයක් කරයි නම් ඔවුන්ව සිරකරුවන් වශයෙන්වත් රට තුළ තබානොගත යුතුය. ඔවුන්ට සිරදඬුවම් ලබාදිය යුත්තේ විදේශ රටක බන්ධනාගාරවල ය. සමහර අපරාධ සම්බන්ධයෙන් වයස අවුරුදු 12 ක බාලවයස්කරුවන්ට පවා වැඩිහිටියන් සේ සලකා දඬුවම් නියම කරනු ඇත.

මේ වන විට මේ පක්ෂය ජර්මනිය තුළ ජීවත් වන සියලු අන්ත දක්ෂිණාංශිකයන් තමන් වෙත ඇද ගනිමින් සිටියි. බොහෝ දේශපාලන විචාරකයන්ට අනුව එය ‘හිට්ලර්ගේ ජර්මනිය’ටම අයත් පක්ෂයකි. එය ඒ සා නරක ය. එයට විදේශිකයන් පෙන්නන්නට බැරි ය. වෙනත් ආගම් අදහන්නන් ද පෙන්නන්නට බැරි ය. එය තනිකරම ‘ෆෝබියා පක්ෂය’ කි. එය තමන් විකල්පයක් වශයෙන් හඳුන්වා ගත්තත්, ප්‍රධාන ධාරාවේ සියලුම සමාජ කොටස්වල ජාගර සහ ජාතිවාදී සිතිවිලිවලට කැත නැතිව ආමන්ත්‍රණය කරමින් සිටියි. සමාජයට විෂ එන්නත් කරමින් සිටිති. ජර්මානු සමාජය රැඩිකල් කරන බව කියති. එසේ කියමින් සමාජයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී හරපද්ධතිය උරා බොමින් විෂ පිඹිති. උන් සිතන්නේ ‘මේ ලෝකයේ සිටිය යුත්තේ තමන් විතරයි’ කියා ය. එදා හිට්ලර් පෙළුණේ ද මේ මානසික රෝගයේම උපරිතානයකිනි.

ගෝලන්ගේ තවත් බසකට අනුව ජර්මනිය සිය රටේ දේශසීමා සියල්ල වසා දැමිය යුතුය. තවද සරණාගත අර්බුදය පැවති සමයේ ලෝකයම සසල කළ, වෙරළේ මුනින් අතට වැටී මියගොස් සිටි අහිලන් කුර්දි නමැති සිඟිත්තාගේ ඡායාරූපය පිළිබඳ ඔහු නරුම හඬින් කීවේ කීවේ ‘දරුවන්ගෙ ඇස් පෙන්නල අපිව බ්ලැක්මේල් කරන්න එන්න එපා!” කියා ය.

ඉතින් මොවුන්ට ‘හිට්ලර්ගේ මුණුබරන්’ යැයි නොකියා වෙන මොනවා කියන්නද?

මේ සියල්ල හේතුවෙන් අනාගතයේදී විය හැකි නරකම දෙය මේක ය. එදා “තමන් ආර්යයන් වම්හ, එනිසා මේ ලෝකයේ සිටිය යුත්තේ ආර්යයන් පමණක් ය. සෙසු සියලු අඩු කුලේ ජාතීන් නැති බංගස්ථාන කර දැමිය යුතුය’ යන මෙගලොමේනියාවෙන් පෙළුණු හිට්ලර් නම් අන්ත දක්ෂිණාංශිකයා ද සිය රට තුළ ජනප්‍රියවාදී චරිතයක් විය. මෙයට හොඳම උදාහරණය නම්, යුදෙව්වන් මිලියන 6 ක් හෙවත් ලක්ෂ 60ක් ගෑස් කාමර තුළත් වධ කඳවුරු තුළත් අමු අමුවේ මරා දැමූ, දෙවන ලෝක යුද්ධයට ගිනි පිඹි හිට්ලර්ගේ සැලසුම, ජනමත විචාරණයකින් පවා ඉත සිතින් පිළිගැනුණකි. තමන්ගේ ‘ජනකාන්ත මහ එකා’ කළ ‘මහා සංහාරය’ ගැන හිට්ලර්වාදීන්ට ඇස් ඇරුණේ මිත්‍ර හමුදාව බර්ලිනයට බෝම්බ දමන්නට පටන් ගත් පසු ය. කණ ළඟින් උණ්ඩ පියාඹන්නට ගත් පසු ය.

මේ වෙන්නට යන්නේ මානව ඉතිහාසයේ සිදුවූ දරුණුතම වැරැද්ද නැවත රිපීට් වීමද? ජර්මනියේ අන්ත දක්ෂිණාංශිකන්ගේ නැගීම ‘නවතම දේශපාලන සංසිද්ධිය’ක් යැයි සිතා ලංකාවේ ද අන්ත දක්ෂිණාංශිකයන් දැන් ඉතින් නැවතත් බඩපිනුම් ගසන්නට පටන් ගන්නවා ඇත. ‘මගේ ජාතියද ආගමද නුඹේ එව්වාට වඩා උසස් යැ-සුදු පාටයැ’යි සුදු ඇඳගත් මාමලා කරුමක්කාරයන් ලෙසින් නැවත දෙසා බාන්නට පටන් ගන්නවා ඇත. ආවේණියේ කුමක්දෝ උරුම කරුමයකට ඉතිහාසයේ පටන්ම මිනිස් සිත වැඩිපුරම ඇදී යන්නේ හොඳට නොව නරක වෙතට ය. ලෝකය තනි යායක් වනු දැකීමට නොරිසි පටු හිත් ඇති පවිටු මිනිසුන් නිතරම අන්තවාදයට, ආගම් වාදයට, ජාතිවාදයට සහ දක්ෂිණාංශය වෙතට ආවඩන්නේ එනිසා ය. විටෙක එය ඔවුන් සචේතනිකව කරන දෙයක් ද නොවේ.

එනිසා නිතරම, අන්තවාදී සතුරන්ට සමාව දෙන්න. නමුත් ඔවුන්ගේ නම් මතක තියාගන්න!


-ක්‍රිෂාන්ති රාජපක්ෂ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිට්ලර්ගේ මුණුබුරන් පාර්ලිමේන්තු ආ වගයි!
හිට්ලර්ගේ මුණුබුරන් පාර්ලිමේන්තු ආ වගයි!
http://ift.tt/2hsFp6i
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_881.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_881.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy