ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම අද (6 දා) ...
ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම අද (6 දා) අවසන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
හිටපු හමුදාපතිවරයකු වන ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව සාක්‍ෂි දෙන බවට සරත් ෆොන්සේකා ඇමැතිවරයා රට පාවාදෙන ප්‍රකාශයක් කිරීම මෙයට හේතු වන බවත් හෙතෙම පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම අද පාර්ලිමේන්තුවේදී රැස්‌ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර පක්‍ෂ නායක රැස්‌වීමේදී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
යුද්ධය සහ රණවිරුවන් සම්බන්ධව ජනාධිපතිවරයා කරන ප්‍රකාශයට පටහැනිව වගකිවයුතු ඇමැතිවරයකු ලෙස සරත් ෆොන්සේකා කළේ රට පාවාදෙන ප්‍රකාශයක් බව පැවසූ මන්ත්‍රීවරයා පුළුවන් නම් මොහු සම්බන්ධයෙන් විජයදාස රාජපක්‍ෂ මහතා සම්බන්ධව ගත් තීරණයම ගෙන පෙන්වන්නැයි ආණ්‌ඩුවට අභියෝග කරන බවත් පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේ ඊයේ (5 දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
COMMENTS