දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන අතුරුදහන්වීම්වලට සාධාරණය ඉටුකිරීම සදහා ජනාධිපති කොමිසමක් පත්කළ හැකියි - විග්නේෂ්වරන්
Homeප්‍රවෘත්ති

ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන අතුරුදහන්වීම්වලට සාධාරණය ඉටුකිරීම සදහා ජනාධිපති කොමිසමක් පත්කළ හැකියි - විග්නේෂ්වරන්

PropellerAds

  ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ සැප්: 08 වැනිදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් යාපනයේදී ඔහු හමු වී සිදුකරනලද සාකච්ඡු...

සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීමට සාකච්චා.. සංචාරකයන් 44,000ක් ගෙන්වන්න කැබිනට් පත‍්‍රිකාවක්..
තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..
එජාප මොණරාගල රැස්වීමේදී සජිත්ට බනින්න ගිහින් තෙවරප්පෙරුම ඇනගනී
ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන අතුරුදහන්වීම්වලට සාධාරණය ඉටුකිරීම සදහා ජනාධිපති කොමිසමක් පත්කළ හැකියි - විග්නේෂ්වරන්

 

ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ සැප්: 08 වැනිදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් යාපනයේදී ඔහු හමු වී සිදුකරනලද සාකච්ඡුාවකදීය.

පසුගිය යුද සමයේ හා ඉන් පසු වකවානුව තුළ උතුරේ මෙන්ම දකුණේදී ඝාතනයට ලක්වූ,අතුරුදහන්වූ සහ ප‍්‍රහාරයන්ට ගොදුරුවූ ජනමාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුවීම පමාවීම පිළිබදව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිදුකරන පර්යේෂණයත්, පුළුල් මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ පිළිබදව විද්වත් අදහස් ලබාගැනීමත් අරමුණු කරගනිමින් මෙම සාකච්ඡුාව සිදුකෙරිණි.

”ඝාතනයට ලක්වූ, අතුරුදහන් වූ සහ ප‍්‍රහාරයන්ට ලක්වූ මේ හැම ජනමාධ්‍යවේදියෙකු ගැනම සෙවීම වැදගත්.ඒ පිළිබද නිවැරදි තොරතුරු අනාවරණය කරගැනීමට මා දකින හොදම විසදුම ජනාධිපති කොමිසමක් පත්කිරීමයි.”

”ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන අතුරුදහන්වීම් පමණක් නොවෙයි; දැන් දවස් 150 ක් තිස්සේ කිළිනොච්චියේ මව්වරු, පියවරු බිම වාඩිවෙලා ඉදගෙන තමන්ගේ දරුවන්ට සිදුවූයේ කුමක්දැයි විමසනවා. මේ පිළිබද ජාත්‍යන්තර ප‍්‍රඥප්තිවලට අත්සන් තබා ඇති රටක් ලෙස අපට මෙම විමසීම් නොසලකා හරින්න බැහැ.” මහ ඇමැතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

පුළුල් ජනමාධ්‍ය ප‍්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පිළිබදව අදහස් දක්වමින් ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ එය ඉතාම අත්‍යාවශ්‍ය කාරණයක් බවයි. ” සමහර ජනමාධ්‍ය අපට ඉතාම අහිතකර ලෙස අපගේ අදහස් විකෘතිකර පළකරනවා.ඒ ගැන සම්මුඛ සාකච්ඡුාව සිදුකළ ජනමාධ්‍යවේදීන් සමග පසුව සාකච්ඡුාකළවිට ,ඔවුන් නිවැරදිව එම අදහස් ලියූ බවත්, ජනමාධ්‍ය ආයතනය තුළදී හිමිකරුවන්ගේ උවමනාවමත එම විකෘතිවීම් සිදුකරඇති බවත් එම ජනමාධ්‍යවේදීන් පවසනවා.උතුරේ ජනමාධ්‍ය තුළ මෙම හිතාමතා සිදුකරන විකෘතිකිරීම් වඩාත් වැඩියි. බොහෝවිට මේවා සිදුවන්නේ දේශපාලන න්‍යායපත‍්‍ර මතයි. මෙවැනි විකෘතිකිරීම් මගින් උතුරු -දකුණු සබදතාවයට සිදුවන හානිය ගැන , සාමය - සංහිදියාවට සිදුවන හානිය ගැන මෙම හිමිකරුවන් කල්පනාකරන්නේ නැහැ.මෙවැනි අවස්ථාවල ජනමාධ්‍යවේදීනුත් අසරණයි.”

”මාධ්‍ය ප‍්‍රතිසංස්කරණයට ලක්විය යුතුයි. මාධ්‍යයට නියාමනයක් පැවැතීමත් අවශ්‍යයි. ඒත් මා විශ්වාස කරන ආකාරයට රජය මැදිහත්වී මාධ්‍ය නියාමනය කරනවාට වඩා ආචාර ධර්ම මත, හිමිකරුවන් සහ මාධ්‍යවේදීන් එක්ව සකස්කරගන්නා ස්වයං නියාමන ක‍්‍රමවේද මත එම නියාමනය සිදුවීම වඩා සාර්ථකයි.ජනමාධ්‍යවේදීන්ට වගේම මාධ්‍ය හිමිකරුවන්ටත් වෘත්තිමයභාවයක් අවශ්‍යයි.”

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සී.දොඩාවත්ත, විධායක සභිකයින්වන ආනන්ද ධර්මප‍්‍රිය ජයසේකර සහ තාහා මුසාම්මිල් යන ජනමාධ්‍යවේදීන් සමග නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වැඩසටහන් ප‍්‍රධානී නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මෙම සාකච්ඡුාව සදහා සහභාගී වූහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන අතුරුදහන්වීම්වලට සාධාරණය ඉටුකිරීම සදහා ජනාධිපති කොමිසමක් පත්කළ හැකියි - විග්නේෂ්වරන්
ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන අතුරුදහන්වීම්වලට සාධාරණය ඉටුකිරීම සදහා ජනාධිපති කොමිසමක් පත්කළ හැකියි - විග්නේෂ්වරන්
http://ift.tt/2wchLFu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_865.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_865.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy