දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතිපති දෙපාර්තමේන්තුව නඩු යට ගහන්නේ ඇයි?
Homeප්‍රවෘත්ති

නීතිපති දෙපාර්තමේන්තුව නඩු යට ගහන්නේ ඇයි?

PropellerAds

නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදය නිසා නඩු ප්‍රමාද වන බවට එල්ල වන චෝදනාවේ යම් සත්‍යතාවක් තිබුණද, දෙපාර්තමේන්තුවේ ඇති මානව සම්පත්වල හිඟය ද ඊ...

ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දෙරටුවක් විවෘත කෙරේ
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට හේතුව රතන හිමි කියයි
මෛත්‍රීගෙන් පොලිසියට දෝස්මුරයක්

නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදය නිසා නඩු ප්‍රමාද වන බවට එල්ල වන චෝදනාවේ යම් සත්‍යතාවක් තිබුණද, දෙපාර්තමේන්තුවේ ඇති මානව සම්පත්වල හිඟය ද ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව අනාවරණය වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තරයෙන් ලබා ගත් තොරතුරුවලට අනුව පැහැදිලි වන්නේ දෙපාර්තමේන්තුව අකර්මන්‍ය කිරීමේ කූඪ උත්සාහයක් ද පැවැති බවයි.

මේ වන විට අපරාධ නඩු 23,000කට අධික සංඛ්‍යාවක් නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති අතර, සිවිල් නඩු ද ඇතුළත්ව නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති මුළු නඩු සංඛ්‍යාව 40,000 ඉක්මවයි.

මේ අතරින් දේශපාලන නඩු ලෙස හඳුන්වන නඩු ඇත්තේ 84ක් පමණි.

මිලියන 21කට 189 යි :

කෙසේ වෙතත් මිලියන 08කට ආසන්න ජනගහනයක් ඇති සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥවරුන් 500කට අධික සංඛ්‍යාවක සිටිය ද, ලංකාවේ මිලියන 21ක ජනගහනයට අදාළ නඩු සම්බන්ධයෙන් කටයුතු කරන මෙරට නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින්නේ රජයේ නීතීඥයන් 189ක් පමණි.

මේ සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් කණිෂ්ඨ රජයේ නීතීඥයන් 30 දෙනකු බඳවා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා ඇතත්, මෙතෙක් ඊට අනුමැතිය ලබා දී නැත.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෙන්වා දෙන්නේ අවම වශයෙන් තවත් නීතීඥවරුන් සිය දෙනකු වත් දෙපාර්තමේන්තුවට බඳවා ගත යුතු බවයි.

සොච්චම් වැටුපක් : විසඳුමක් නැහැ

එසේ ම නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන නීතීඥවරුන්ගේ වැටුප රුපියල් 30,000න් ආරම්භ වන බවත්, මේ නිසා නවක නීතීඥයන් දෙපාර්තමේන්තුවේ සේවයට බැඳීමට අකමැති බවත් පෙන්වා දෙන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතීඥයෝ, 2013 සිට මේ වැටුප් ගැටළුව විසඳා දෙන ලෙස ඉල්ලා ඇතත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නැති බවට චෝදනා කරති.

1802 දී නිකුත් කර ඇති ගැසට් නිවේදනයකට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥයන් නීති නිලධාරි යනුවෙන් වෙනම ශ්‍රේණියක් යටතේ පිහිටුවීමේ හැකියාව තිබුණද, එසේ කර නැතැයි ද පෙන්වා දෙන මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, 2016 දෙසැම්බර් මාසයේ දී වෙනම ශ්‍රේණියක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතත්, මෙතෙක් එය ද සිදු කර නැති බව පෙන්වා දෙති.

මේ අතර රජයේ නීතීඥයන්ට දුර පළාත් වල රාජකාරි සඳහා යාමේදී ප්‍රවාහන වියදම් ඇතුළු වෙනත් වියදම් සඳහා ගෙවීමට ද ප්‍රමාණවත් මුදල් ලබා නොදෙන බවත්, මේ නිසා රජයේ නීතීඥයන් බරපතල ලෙස කළකිරී ඇති බවත් අදාළ ජ්‍යෙෂ්ඨයෝ අවධාරණය කර සිටිති.

( ජනිත ප්‍රසාද් සේනානායක)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිපති දෙපාර්තමේන්තුව නඩු යට ගහන්නේ ඇයි?
නීතිපති දෙපාර්තමේන්තුව නඩු යට ගහන්නේ ඇයි?
http://ift.tt/2wunNQ6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_83.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_83.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy