වසර 2025 වන විට රට තුළ සාමාන්‍ය ආර්ථික ශක්තියක් ඇති කිරීම වත්මන් රජයේ බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. වසර 2...
වසර 2025 වන විට රට තුළ සාමාන්‍ය ආර්ථික ශක්තියක් ඇති කිරීම වත්මන් රජයේ බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. වසර 2025දී ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කිරීමේ අරමුණින් වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරිපත් කරන 'විෂන් 2025 පොහොසත් රටක්' වැඩපිළිවෙළ එළිදැක්වීමට අද (04දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"මේ ජාතික ආණ්ඩුව රට භාරගන්න අවස්ථාවේදී අපි ලබපු ආදායමෙන් ණයවත් ගෙවාගන්න බැරි තත්ත්වයක තිබුණේ. දැන් අපිට ඒ ණය ගෙවන්න පුළුවන් ස්ථාවරයක ආර්ථිකය තියෙනවා. ඒ වගේම එදිනෙදා වැඩවලට අපිට ණය ගන්න සිදු වෙනවා. 2025 වන අවස්ථාවේදී මේ ණය බර අපේ අයවැයෙන් අඩු වෙන්න ඕනේ. මේ අවුරුදු තුනේදී අපි ආයෝජන ලබා ගන්නවා නම්, ඒ ආයෝජනවල ආදායමත් 2025 දී එකතු වෙනවා. 2025 වෙන කොට අපේ ආදායම විශාල ලෙස වැඩි වෙනවා. අපේ විදේශ විනිමය වැඩි වෙනවා. ආදායම් - වියදම් පරතරය අපි නැති කරගන්න ඕනේ. එතැන ඉඳන් මේ ණය ගෙවාගෙන යන එක අමාරු දෙයක් නෙමෙයි.
හැම රටකටම යම් කිසි ණයක් තියෙනවා.වැට් බදු වැඩි කලාට බැන්නට අද ආර්ථිකය ස්ථාවර වෙලා තියෙන්නේ ඒ බදු නිසා. මේ අවුරුද්දේ අපිට නියඟෙකුත් තිබුණා, ගංවතුරකුත් තිබුණා. ඒ දෙකටම මුහුණ දෙන්න පුළුවන් ආදායමක් අපි කොහොමද හෙයාගත්තේ. අපිට ඕනේ රට තුළ සාමාන්‍ය ආර්ථික ශක්තියක් ඇති කරන්නයි. මේ අවුරුදු පහ ඒ පදනම හදන අවුරුදු පහයි. එතනදී පළමුවත්, දෙවැනුවත්, තෙවැනුවත් ආයෝජනයම මූලික වෙනවා. ආයෝජනයත් එක්ක තාක්ෂණය එනවා. තාක්ෂණයත් එක්ක රටේ ආර්ථිකය නවීකරණය වෙනවා."
COMMENTS