දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවී ගේ 'වත්කම් කතාවට' මාධ්‍ය සංවිධාන එකඟයි - මන්ත්‍රීවරුන්ට හිනා.
Homeප්‍රවෘත්ති

රවී ගේ 'වත්කම් කතාවට' මාධ්‍ය සංවිධාන එකඟයි - මන්ත්‍රීවරුන්ට හිනා.

PropellerAds

සියලුම මාධ්‍යවේදීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගත යුතු බවට හිටපු ඇමැති, කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ (...

කෝටි 4ක රන් කොල්ලයේ මොලකරු එස්. අයි දැලේ
ජනපති ලේකම් කාර්යාලයට ගිය ආබාධිත සෙබළුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර 
ගිං ගඟ පිටාර මට්ටමට ආසන්නයි

සියලුම මාධ්‍යවේදීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගත යුතු බවට හිටපු ඇමැති, කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

"ඒක මට අයිති වැඩක්‌ නොවේ. එහෙම අයිතියක්‌ මට නෑ.." යෑයි කථානායක කරු ජයසූරිය මහතා රවි කරුණානායක මන්ත්‍රීවරයාට පිළිතුර දෙමින් කියා සිටියේය.

මෙහිදී නැගී සිටි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ "සියලු මාධ්‍යවේදීන් නොවේ පත්තර කර්තෘවරු වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුයි කියා තමයි කියා තිබෙන්නේ. ඒ පුවත්පත් මණ්‌ඩලයට ද නැතිනම් කාටද කියා දන්නේ නෑ... කථානායකවරයාට නම් නොවේ යනුවෙනි.

"අපි බලමු... ජනමාධ්‍ය ඇමැති සමඟ මේ ගැන කතා කරලා" යෑයි කථානායකවරයා ප්‍රකාශ කරද්දී "අපි දේශපාලනයට ඇවිත් ඉන්නේ රටට යමක්‌ කරන්න මිස ලබාගන්න නොවේ යෑයි හිටපු ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයත් සමඟ ආණ්‌ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සිනාසෙන අයුරු දක්‌නට ලැබිණි.

ජනමාධ්‍යවේදීන්ගෙන් සැදුම් ලත් සංවිධාන පිළිගනිති

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කර සිටියේ සියලු මාධ්‍යකරුවන්ගේ වත්කම් බැරකම් හෙළිදරව් කළයුතු බවට රවී කරුණානායක හිටපු ඇමතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව කළ විමසීමකදී ය.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ කියා සිටියේ ජනමාධ්‍ය පිරිසිදු තත්වයක නොමැති නම් ජනතාවට නිවැරදි තොරතුරු ගලා නොයන බවය.

"අඩු වැඩි වශයෙන් ලංකාවේ හැම ක්ෂේත්‍රයක්ම දූෂණයට ලක්වෙලා තියෙන්නේ. ඒකෙන් මිදෙන්න බැරිවෙලා තියෙනවා මම නියෝජනය කරන ජනමාධ්‍ය ක්ෂේත්‍රයටත්. අපිට අහන්න ලැබෙනවා ඔවුන්ට තම ආයතනවලින් ලැබෙන වැටුපට වඩා වෙනත් ආකාරයට ධනය උපයාගෙන ජීවත්වන ආකාරය ගැන.

"ජනමාධ්‍ය පිරිසිදු තත්වයක නැතිනම් ජනතාවට නිවැරදි තොරතුරු ගලා යන්නේ නැහැ. ඒ නිසා ජනමාධ්‍යකරුවා සුපරීක්ෂාවට ලක් කෙරෙනවනම් ඒක වැරදියි කියන්න බැහැ. අපි අනිත් අයව ප්‍රශ්න කරනවානම් අපිවත් ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙන්න ඕන." යනුවෙන් ඔහු පැවසීය.

මාධ්‍යවලට කළු සල්ලි යොදවල !

මේ පිළිබඳව අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී දොඩාවත්ත කියා සිටියේ ජනමාධ්‍ය තුළත් තම වෘත්තිය අයථා ලෙස භාවිත කරන අය සිටින බැවින් මාධ්‍යකරුවාගේ වත්කම් ප්‍රකාශයට පත්කිරීම ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නා බවය.

නමුත් මාධ්‍ය තුළ ඇතිවී තිබෙන අයහපත් තත්වයට ඇතැම් දේශපාලනඥයන් ප්‍රධාන වශයෙන් වගකිව යුතු බව ඔහු පවසයි.

"චෝදනා එල්ල කරන ඇතැම් දේශපාලනඥයෝ ජනමාධ්‍ය ආයතනවලට තමන්ගේ කළු සල්ලි යොදවල තියෙන ආකාරය හෙළිදරව් වෙමින් පවතිනවා. ඇත්තටම මාධ්‍ය තුළ ඇතිවෙලා තියෙන අයහපත් තත්වයට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕන ඔය වගේ දේශපාලනඥයෝ. තිරයෙන් පිටුපස ඉඳගෙන මේවා මෙහෙයවන අය තමයි ප්‍රධාන ප්‍රශ්නය වෙලා තියෙන්නේ.

නමුත් ජනමාධ්‍යවේදියා පිළිබඳව යම් විනිවිදභාවයක් අවශ්‍යයි කියන එක අපිට පිළිගන්න වෙනවා. ඒක ප්‍රතික්ෂේප කරමින් අපිට අනිත් ප්‍රශ්නය ගැන කතා කරන්න බැහැ." යනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සී දොඩාවත්ත ප්‍රකාශ කළේය.

ඇතැම් ජනමාධ්‍ය ආයතන හිමිකරුවන් තමන්ට අවශ්‍ය න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීම සඳහා මාධ්‍යවේදීන් යොදවා ගන්නා බවට චෝදනා පවතිද්දී මාධ්‍යකරුවාගේ වත්කම් පිරික්සීම තුළින් අවශ්‍ය අරමුණ ඉටුවේදැයි ප්‍රශ්න කළවිට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියා සිටියේ මාධ්‍යවේදීන් වෘත්තීය මට්ටමින් සංවිධානගත වන්නේ නම් එය සිදු නොවනු ඇති බවය.

"මාධ්‍යකරුවන් සංවිධානගත වුනොත් ආයතන හිමිකරුවන්ට බැහැ තමන්ගේ මතවාදය වෙනුවෙන් අපව මෙහෙයවන්න. ජනමාධ්‍යවේදියාගේ එක් අයිතිවාසිකමක් තමයි කර්තෘ මණ්ඩල නිදහස කියන එක.


"මේකෙ බරපතළම ප්‍රශ්නය තමයි ලංකාවේ ජනමාධ්‍යවේදියා කියන චරිතයට ලොකු සිවිල් බලයක් ලැබිල තියෙනවා. ඒ නිසාම ඇතැම් මාධ්‍යවේදීන් වෙන වෙන ව්‍යාපෘතිවල තමයි නිරත වෙලා තියෙන්න. සංවිධානගත වෙනවා වෙනුවට ඇතැමුන් බලනවා ඇතැම් දේශපාලනඥයන්ගෙන් හෝ ව්‍යාපාරිකයන්ගෙන් වරප්‍රසාද ලබාගැනීම සඳහා කල්ලි ගැහෙන්න." ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ පැවසීය.

(බීබීසී සිංහල සේවය ඇසුරිණි)


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවී ගේ 'වත්කම් කතාවට' මාධ්‍ය සංවිධාන එකඟයි - මන්ත්‍රීවරුන්ට හිනා.
රවී ගේ 'වත්කම් කතාවට' මාධ්‍ය සංවිධාන එකඟයි - මන්ත්‍රීවරුන්ට හිනා.
http://ift.tt/2vUZrR3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_801.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_801.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy