දින 3 ක් පමණ පැය කිහිපයක් පුරාවට ධාරාණිපාත වර්ෂාවන් උතුරට ඇදහැලෙද්දී සිඳී ගොස් තිබූ උතුරේ වැව් වලටද ජලය යම් තරමකින් එකතු වී ඇත. අධික වර...
දින 3 ක් පමණ පැය කිහිපයක් පුරාවට ධාරාණිපාත වර්ෂාවන් උතුරට ඇදහැලෙද්දී සිඳී ගොස් තිබූ උතුරේ වැව් වලටද ජලය යම් තරමකින් එකතු වී ඇත.
අධික වර්ෂාවත් සමග ඇතැම් පළාත්වල මාර්ග පවා පැය කිහිපයක් ජලයෙන් යට වූ අතර වාහන ගමනාගමනයටද බාධා සිදු විය.
කෙසේ වෙතත් වර්ෂාව නොකඩවා උතුරට ඇද හැලුනහොත් පමණක් මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු සිදු කිරීමට හැකි වන බවට උතුරේ ගොවීහු කියා සිටිති.
වර්ෂාව නොලැබීම හේතුවෙන් උතුරේ ගොවීන් විශාල පිරිසකට පසුගිය කන්න කිහිපයක් ගොවිතැන් කිරීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබුණි.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS