යකඩ හොරා කෑ දේශප්‍රේ-මීයෝ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවට අයත් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර අබලි යකඩ ලෙස විකිණූ රාජපක්ෂලාගේ මෙ...
යකඩ හොරා කෑ දේශප්‍රේ-මීයෝ
කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවට අයත් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර අබලි යකඩ ලෙස විකිණූ රාජපක්ෂලාගේ මෙහෙයුම පිළිබඳව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර "රණවිරුවෝ, දේශප්‍රේ- මීයෝ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පරණ යකඩ වලට කාලා !" මැයෙන් සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කළෙමු. දැනට ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ට සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කරන සිරි හෙට්ටිගේ පිට වරද පැටවීමට ගෝටාබය තැත් කළ ද මෙම විකිණුම් ක්‍රියාවලියේ ගෝටාබයගේ කෙරුවාවෙන් මීට අදාල කොටසක් අපි මෙසේ සටහන් කරන්නෙමු.
කැබිනට් අනුමැතිය අවශ්‍යයි
2014 වසරේදී කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙහි යන්ත්‍ර සූත්‍ර පරණ යකඩ ලෙස ටෙන්ඩර් කැඳවා විකිණීමට සැලසුම් කෙරෙද්දී ආරක්ෂක අමාත්‍යාංශයෙහි අභ්‍යන්තර විගණකවරයා පැහැදිලිව දැනුම් දී ඇත්තේ එම සිමෙන්ති කම්හල තමන්ට අයත් එකක් නොවන බැවින් යන්ත්‍ර විකිණීම තමන්ට කළ නොහැකි බවය. එසේ ම ඔහු වැඩි දුරටත් එහි සඳහන් කර ඇත්තේ මේවා විකිණීමට අවශ්‍ය නම් ඒ සඳහා කැබිනට් අනුමැතියක් ලබා ගත යුතු බවය. එම සටහනත් රැගෙන සිරි හෙට්ටිගේ ලේකම්වරයා ගෝටාබය හමුවට ගොස් තිබේ.
ඒ මොහොතේ ගෝටාබය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව තමන් ආරක්ෂක කවුන්සිලයේ දීත් සාකච්චා කර ඇති බවත් එහෙයින් ගැටළුවක් නොමැති බවත් අදාල විකිණුම් ක්‍රියාවලිය සූදානම් කරන ලෙසත් ය. මෙය හුදු වාචික ප්‍රකාශයක් පමණක් නිසා සිරි හෙට්ටිගේ මහතා මේ සම්බන්ධයෙන් ලිඛිතව නියෝගයක් ලබා දෙන මෙන් දෙවරක් ම ඉල්ලුම් කර තිබේ. එහෙත් ගෝටාබය රාජපක්ෂ විසින් කිසිදු ලිඛිත සටහනක් ලබා නොදුන් හෙයින් සිරි හෙට්ටිගේ මහතා මේ සිද්ධිය පිළිබඳව සම්පූර්ණ සටහනක් අදාල ලිපි ගොනුවට ඇතුළත් කර ඇත.
ගෝටාගේ 'බබා පාට්'
ගෝටාබය රාජපක්ෂ ඒ යුගයෙහි සිටියේ කැබිනට් මණ්ඩලයටත් වඩා බලතල සහිතව බව සැවොම දන්නා කරුණකි. එවන් ගෝටා නොදැන මෙතරම් වටිනා සම්පතක් කපා පැරණි යකඩ ලෙස විකිණීමට අනෙකෙකුට හැකියාවක් තිබිණැයි සිතීම පවා විහිළුවකි. එහෙයින් ගෝටාබය රාජපක්ෂ දැන් බරපතළ චංචා විමර්ශන ජනාධිපති කොමිසම ඉදිරියේ කරන්නේ 'බබා පාට් දැමීමකි'. ගෝටාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයට උඩින් පාත්වූවා මිස ඔහු පරිපාලන සේවය පිළිබඳව දැනුමක් ඇත්තෙකු ද නොවේ. එහෙයින් "මං දන්නෑ" කියා ගැලවීමට ඔහු තැත් කළ ද ජ්‍යේෂ්ට සහකාර ලේකම්වරයාගේ සටහන නිසා ඔහුට එසේ ගැලවෙනෙන්නට ලැබෙන්නේ නැත.
මින් ඉගෙන ගැනීමට පාඩම් දෙකක් තිබේ. එකක් ගෝටාබයලා මහා වීරයින් ලෙස, දේශප්‍රේමීන් ලෙස ලෙස සලකන පිරිසටය. මේ ඊනියා දේශප්‍රේමියා ජාතික සම්පතක් විනාශ කර තුට්ටු දෙකට විකුණා තිබේ. එමෙන්ම 'අහවලුන් රට පාවා දෙනවා, අහවලුන් රණවිරුවන් පාවා දෙනවා, අපි නම් එහෙම නැහැ'යි ලෝකෙට පරකාසේ කීවද තමන්ට තීරණාත්මක ප්‍රශ්නයක් මතු වූ මොහොතක 'මං නම් දන්නෙ නෑ, අන්න අරයා තමයි' යනුවෙන් බේගල් කියා එකටම සිටි කාව හෝ පාවා දී බේරෙන්නට බලන ගෝටලාගේ ඉතිරි වීරකමුත් මෙවැනිම බව ඔවුන් තේරුම් ගත යුතුය. දෙවැන්න වත්මන් සහ ඉදිරියටත් බලයට ඒමට නියමිත සියළුම පාලකයින්ට ය. පවුලේකමට අන් සියල්ල නොසලකා පරිපාලන සේවයෙහි ඉහළ තනතුරු වලට ඥාතීන් පත් කළ විට ඔවුන් අනාගෙන හත්පොළේ ගාගන්නේ ගෝටාබය මෙන් බව අනාගතයට පාඩමක් වශයෙන් ඔවුන් මතක තබා ගත යුතුය.
සබැඳි පුවත් -
රණවිරුවෝ, දේශප්‍රේ- මීයෝ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පරණ යකඩ වලට කාලා !
COMMENTS