දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගබ්සාව ගැන(ම) නොවේ
Homeප්‍රවෘත්ති

ගබ්සාව ගැන(ම) නොවේ

PropellerAds

"home delivery එකක්" ළදරුවෙක් නොමේරූ ළදරු ඒකකයට ඇතුලු කළා. ඔහු හොඳින් වැස ඔහු හොඳින් වැඩුණු නිරෝගී දරුවෙක්.  හිමොග්ලොබ...

කොළඹ ආරක්ෂක සමුළුව ලබන 28 සහ 29
ඇගේ ගර්භාෂය ඔබේ නොවේ !
මානසික සෞඛ්‍ය සේවාව ව්‍යාප්ත කිරීමට සුව ඇමැති සැරසෙයි
ගබ්සාව ගැන(ම) නොවේ
"home delivery එකක්"
ළදරුවෙක් නොමේරූ ළදරු ඒකකයට ඇතුලු කළා.
ඔහු හොඳින් වැස ඔහු හොඳින් වැඩුණු නිරෝගී දරුවෙක්.  හිමොග්ලොබින් මට්ටම යම් තරමකට අඩු වීම හැරෙන්නට වෙනත් විශාල හානියක් ඔහුට සිදු වී තිබුනේ නැහැ. දරුවාගේ මව අවුරුදු 15 ක දැරියක්. දරුවකු කුස දැරීම නිසා ඇගේ වූයේ වයසට වඩා මේරූ පෙනුමක්. 
"බබා හම්බ වෙනකම් දන්නේ නෑ" ඇගේ මවගේ එනම් දරුවාගේ ආච්චිගේ පිළිතුර වුණා.
එය විශ්වාස කළ හැකි පිළිතුරක් වුණේ නැහැ. 
"Toilet එකේ බබෙක් අඬනව ඇහිලා මම ගිහින් බැලුව ,එතකොට දැක්කේ බබා වැටිලා ඉන්නවා "ඇය තවදුරටත් පවසා සිටිය. 
මෙවැනි කතා කොතෙකුත් අසා ඇත්තෙමු එහෙත් ඒ ඒවාගේ සත්‍යය සහ මුසාව අතර ඇත්තේ කෙස් ගහක වෙනසකි .කෙසේ හෝ දරුවා හොඳින් වැඩුණා ‍ප්‍රතිජීවක ඖෂධ ලබාදීම හැරෙන්නට වෙනත් කිසිවක් ඔහු වෙනුවෙන් සිදු කළ යුතුව තිබුණේ නැහැ. ප්‍රතිජීවක ඖෂධ ලබාදිය යුතු කාලය අවසන් වූ පසුව දරුවා ගෙදර යැවීමට සුදුසු මට්ටමකට පත් වුණා.
එහෙත් දරුවාගේ පියා කවුරුන්ද යන්න පිළිබඳව විශාල අවබෝධයක් අප හට තිබුණේ නැහැ දරුවාගේ ආච්චි අම්මා ඒ පිළිබඳව නොදන්නා බව දිගින් දිගටම පවසා සිටියා.
දරුවාගේ මව එනම් 15 වියැති දැරිය පවා දරුවාගේ පියා පිළිබඳව පවසා සිටීමට මැලිකමක් දැක්වූවා. එහෙත් අවසානයේ හෙළි වූයේ විශ්වාස කළ නොහැකි තරමේ කතාවක් .
ඇය ඇය කුඩා කාලයේම ඇගේ පියා ඔවුන් දමාගොස් තිබුණා. ඒ් ඇයට අවුරුදු 3 ක් තරම් වූ වයසකදී. එදා සිට මේ වනතුරුම වසර 12 ක් තිස්සේ ඇයව රැකබලාගත්තේ සුළු රැකියාවක් සිදුකළ ඇගේ මව විසින්.
ඔවුන්ට යම් තරමක හෝ උපකාරයක් සිදුකර තිබුණේ පියාගේ සහෝදරයා එනම් දැරියගේ බාප්පා පමණයි. මව සවස දක්වා රැකියාවට යන නිසා පාසල් හැර පැමිණි පසුව නිවසේ තනිවම සිටියේ මෙම දැරිය පමණයි.
එනම් සවස වැඩ ඇරී මව නිවෙසට පැමිණෙන තුරුම ඇය නිවසේ සිට ඇත්තේ තනිවමය.
බොහෝ අවස්ථාවලදී ඇගේ බාප්පා විවිධ කටයුතු සඳහා සහ ඇයගේ සැප දුක් බැලීමට ගිය නිවසට පැමිණීමට පුරුදු වී සිටියා. තම සැමියාගේ සහෝදරයා වූ ඔහු පිළිබඳව කිසිදු සැකයක් මව තුළ ද හටගෙන තිබුණේ නැහැ .
එහෙත් අවසානයේ හෙළි වූ කරුණ වූයේ අලුත උපන් දරුවාගේ පියා එම පුද්ගලයා බවයි. දිගින් දිගට ම ඔහු විසින් ඇය අපයෝජනයට ලක් වී තිබුණා .
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට ඔන්න මෙන්න සිටි එම දැරියගේ ජීවිතය එතනින් අඳුරු වූයේ ඒ ලෙසින්. ඔවුන්ගේ ආර්ථික මට්ටම සමාජ පසුබිම පිළිබඳව සලකා බැලීමේදී ඇයට මින් මත්තට හිමිවන අනාගතය එතරම් සුබදායී බවක් දිස් වූයේ නැහැ.
ඇයව අපයෝජනයට ලක් කළ පුද්ගලයා හට නීතියෙන් දඬුවම් ලැබෙන්නට ඇති. ඇයට ආර්ථික වශයෙන් සාධාරණත්වයක් ඉෂ්ඨ වූවත් ඇගේ අනාගතය පිළිබඳව ඇත්තේ මා හට නම් අවිනිශ්චිත හැඟීමක් .
මේ එවන් වූ එක් අවාසනාවන්ත සිදුවීමක් පමණයි .
වැඩිමහල් පුද්ගලයින්ගේ වැරදි නිසා නොමනා කම් නිසා මෙසේ අඳුරු වී යන අනාගත හිමි දැරියන් පිළිබඳව කතා අප නොයෙක් වර අසා ඇත්තෙමු .
උවමනාව සහ ආදරය රැකවරණය සියල්ල පෙරදැරිකොට කුස පිළිසිඳ ගන්නා දරුවෙක් සහ මෙවැනි සිදුවීම් නිසා කුස පිළිසිඳ ගන්නා දරුවන් අතර වෙනසක් නොමැති වුවත් ,එමගින් මවට සහ ඇය වටා සිටින අනිකුත් අයට උද්ගතවන මානසික මට්ටම අහස පොළව හා සමාන වූ වෙනස්කම් වලින් යුක්ත වෙනවා. මුලින් කී ලෙස ආදරය කරුණාව පෙරදැරි කරගෙන කුස පිළිසිඳ ගන්නා දරුවනුත් ඔවුන්ගේ යම් යම් විකෘතිතා සහ අසාමාන්‍යතා නිසා පසුව ඔවුන්ගේ දෙමාපියන් සහ අනෙකුත් ඔවුනට සම්බන්ධ පුද්ගලයන් හට මුහුණ දෙන්නට වන්නේ ඉතාම අවාසනාවන්ත දුක්ඛදායි තත්ත්ව වලට. ඒ වගේම ඒ නිසා එම දරුවනුත් අනන්ත දුක් වද වේදනා විඳිනවා. අලුතින් අනුමත කරන්නට යෙදුනු ගබ්සාව පිළිබඳ නව නීතිය පිළිබඳව විවිධ පුද්ගලයන් විවිධ ආකාර වූ මත ඉදිරිපත් කරනවා. උපදින ඕනෑම දරුවෙක් ජීවිතයක් !
එය සත්‍යයක් ! 
උපන් කිසිදු දරුවකුගේ ජීවිතය විනාශ කරන්නට අප කිසිවෙකුටත් අයිතියක් නැහැ.
එහෙත් මෙලොව උපත නොලැබූ උපත ලැබූ පසුව,  තමන්ගේ දෛවය, තම දෙමව්පියන්ගේ දෛවය, ඉරණම, මානසික තත්ත්වය, ජීවිතය ආදී සියල්ලම වෙනස් කරන්නට හැකි විකෘතිතා සහිත දරුවෙක් නම් උපදින්නේ...
එසේත් නොමැති නම් තමන්ගේ අනුදැනුමකින් තොරව පාපතර මිනිසකු ගේ අතින් විනාශයට අපයෝජනයට පත් වූ දැරියකගේ කුස තුල සිටින්නේ නුවුවමනා දරුවෙකු නම් තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් වනවා නොවේද.....
විවිධ කරුණු පිළිබඳව අප විවිධ පුද්ගලයන් තුළ පවතින්නේ විවිධාකාර වූ මතයන් .තමන් එල්බ සිටින මතය ම නිවැරදි මතය බවට තහවුරු කළ නොහැකි වනවා සේ ම තම මතය ම නිවැරදි බව ඔප්පු කිරීමට උත්සාහ දැරීමේදී ඇති වන්නේ මත ගැටුමක් පමණයි. මන්ද යත්, අප බොහෝ දෙනා අපගේ මතයයන් වෙනස් කිරීමට අකමැති නිසාවෙනි.
ගබ්සාව පිළිබඳව අපගේ අදහසුත් එබඳුයි.
මම මෙහිදී පැවසුවේ මගේ අදහස පමණයි.. 
එය නිවැරදි බව තහවුරු කරන්නට උත්සහ නොකරමි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගබ්සාව ගැන(ම) නොවේ
ගබ්සාව ගැන(ම) නොවේ
http://ift.tt/2vFiDCd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_749.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_749.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy