සමාරම්භක සමුළුවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ් මානසික රෝග ඖෂධවලින් පමණක් සුවපත් කළ නොහැකි බවයි. රෝගීන්ගේ මානසික තත්වය ...
සමාරම්භක සමුළුවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ් මානසික රෝග ඖෂධවලින් පමණක් සුවපත් කළ නොහැකි බවයි. රෝගීන්ගේ මානසික තත්වය යහපත් කිරීම සඳහා කටයුතු කළයුතු බවයි ඇමතිවරයා පවසන්නේ.
පසුගිය කාලයේදී පැවති යුද ගැටුම්, සුනාමි වැනි ව්‍යසන හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව අවධාරණය කළ අමාත්‍යවරයා මානසික ගැටළු විසඳා ගැනීම සඳහා ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් විසඳුම් සොයා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
සමුළුවේදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
'මානසික රෝගවලට තුඩු දෙන ගැටළු පිළිබඳ තීන්දු තීරණ ගන්නා මෙම සමුළුව ඉතාම වැදගත්. ඇතැම් මානසික ප්‍රශ්න ඖෂධවලින් සුවපත් කිරීමට අවකාශයක් නැහැ. මානසික ක්‍රියාවලියකින් සුවපත් කරන්නත් බැහැ. දිවයින පුරා දිස්ත්‍රික්කවලට මානසික විශේෂඥ වෛද්‍යවරුන් 25 ක් පත් කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා මානසික සෞඛ්‍ය පිළිබද සියලුම වෛද්‍යවරුන් ඒකරාශී වී සිටීම ඉතාම වැදගත්. වසර 30 ක් පුරා පැවැති යුද්ධය සුනාම් ඛේදවාචකය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් දැඩි මානසික පීඩනයන්ට ලක් වුනා. මනුෂ්‍ය ඝාතන දැකීමෙන් ජනතාව පීඩනයට පත් වුනා. එම නිසා මානසික ගැටලු විසදා ගැනීම ජාතියක් වශයෙන් ඉතාම වැදගත්. මානසික සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් බව මම ප්‍රකාශ කරනවා. දියුණු ලෝකය තුල මානසික ප්‍රශ්ණ සහ මානසික අසහනය මෙන්ම මානසික ආසාධාරණත්වය ද දැකිය හැකියි. ශ්‍රී ලංකාව තුල මානසික අසාධාරණත්වය, දේශපාලනය සහ සංස්කෘතිය තුලින් ද දැකිය හැකි වෙනවාත තරුණ පරපුර විරැකියාව හේතුවෙන් මානසික ප්‍රශ්ණ වලට මුහුණ දී සිටීම ද තවත් ගැටලුවක්.'
මෙම අවස්ථාවට සුප්‍රකට ඇමරිකානු මනෝවිද්‍යාඥ මහාචාර්ය මාර්ටින් සෙලිග්මන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.
COMMENTS