එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම එක්වී අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන බැවින් වත්මන් ආණ්ඩුව පිළිබඳව මෙන්ම රට පිළිබ...
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම එක්වී අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන බැවින් වත්මන් ආණ්ඩුව පිළිබඳව මෙන්ම රට පිළිබඳවද ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයක් ඇතිවී තිබෙන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ පසුගිය සති අන්ත කිහිපයේ දෙනියාය ආසනය තුල එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිති පිහිටුවීමේ වැඩසටහන් රැසකට එක්වෙමින්.
ඒ අනුව අමාත්‍යවරයා පිටබැද්දර, කොටපොළ සහ පස්ගොඩ යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අයත් ජන්ද පොළ මධ්‍යස්ථාන රැසක ශාඛා සමිති පිහිටවීමේ වැඩසටහන සාර්ථකව සිදුකරනු ලැබීය.
එම ග්‍රාමීය ජන හමු තුලදී දැනට රජය සිදුකරනු ලබන වැඩසටහන් පිළිබඳව සහ ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් ජනතාව අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා සංවර්ධනය සහ රට පිළිබඳවද ජනතාවට කරුණු පැහැදිලිකර දෙමින් අදහස් දක්වනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම එක්වී අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන බැවින් වත්මන් ආණ්ඩුව පිළිබඳව මෙන්ම රට පිළිබඳවද ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයක් ඇතිවී ඇති බවත් රට පිලිබඳ නිවැරදි ප්‍රතිරූපයක් ජාත්‍යන්තරයට ගෙනයමින් රටේ කිර්ති නාමය ආරක්ෂා කරමින් රටේ දියුණුවට ජාත්‍යන්තර සහයෝගය ලබාගත හැකි පරිසරයක්ද උදාවී ඇති බව අමාත්‍යවරයා පවසා පැවසිය.
එසේම පවත්නා මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට අමතරව ග්‍රාමීය මාර්ග පද්ධතිය වඩාත් හොඳින් සංවර්ධනය කර ප්‍රදේශයේ මාර්ග අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බවත් ඒ සඳහා මේ වනවිට ක්‍රියාකරමින් සිටින අතර ඉදිරි වර්ෂයේදී එය වඩාත් පුළුල් මට්ටමකින් මුදල් ප්‍රතිපාදන ලබාගනිමින් සිදුකරන බවද කමිටු රැස්වීම් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේය.
නව රජය යටතේ මෙරට තුල ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ ස්ථාවරත්වය තහවුරු වීම හේතුවෙන් මෙරටට විදේශ ආයෝජන සහ සංචාරයකයන් පැමිණීමේ වර්ධනයක් සිදුව ඇති බවත් එය ආර්ථිකයේ වර්ධනයට බලපා ඇති බවද අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශකර සිටි අතර හම්බන්තොට ඇතිකරනු ලබන ආර්ථික කලාපය මගින් බිහිවන රැකියා අවස්ථා සහ සේවා සඳහාද මැදිහත්වී ආර්ථික වාසි සලසාගැනීමට දකුණේ ජනතාවට අවස්ථාව ලබාදෙන බවද සඳහක්කර සිටියේය.
ගංවතුරින් නිවාස අහිමිවූ පවුල් සඳහා නවීන තට්ටු නිවාස ගම්මාන ඉදිකරමින් ඔවුන්ගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීමට මේ වනවිටත් රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ගංවතුර පැමිණීමට පෙර තිබූ තත්වයට වඩා වැඩි ඉහල තත්වයකට දියුණුවීමට එම ජනතාවට රජය උදව් කරන බවද අමාත්‍යවරයා සඳහන්කර සිටියා. එසේම දැනට උදාගම්මානවල පදිංචි වී සිටින ජනතාවට ඔප්පු ලබාදීමේ කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වනවිට රජය සිදුකරමින් සිටින බවද වැඩිදුරටත් සඳහන් කළා.
දැනට ප්‍රදේශයේ සිදුවන සංවර්ධන වැඩසටහන් පිලිබඳ දනුවත්කිරීම් සිදුකල අමාත්‍යවරයා ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක කර ඇති යටිතල පහසුකම සහ ග්‍රාමීය මාර්ග සහ පාලම ව්‍යපෘති පිළිබඳවද ජනතාව දැනුවත් කරනු ලැබිය. ඒ අනුව දැනට දෙනියාය ප්‍රදේශයේ 100 km ට ආසන්න මාර්ග ප්‍රමාණයක කාපට් දමා නිසි ප්‍රමිතියෙන් යුක්තව මාර්ග සංවර්ධන කටයුතු මේ වන විට සිදුවන බවත් ඉදිරියේදී දෙනියාය මහ රෝහල ඇතුළු පුළුල් සංවර්ධන ව්‍යපෘති රැසක් පරිසර හිතකාමී අන්දමින් සිදුකරන බවයි.
මෙම ශාඛා සමිති පිහිටුවීමේ අවස්ථාවන්ට එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් කළමනාකරු නීතිඥ ධම්මික අඹේවෙල මහතා සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිස් ද එක්ව සිටියා.
COMMENTS