සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනර...
සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් කොන්දේසි සහිත ඇප මත නිදහස් කර තිබේ.
අදාළ නඩුව අද(20දා) කැඳවූ අවස්ථාවේ කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
රු ලක්ෂය බැගින් මුදල් ඇප නියම කළ අතර ලක්ෂ 10 බැගින් ශරීර ඇප 3ක් නියම කෙරුණි.
එයින් කෙනෙක් ළඟම ඥාතියෙකු විය යුතු අතර තවත් කෙනෙක් රජයේ සේවකයෙක් විය යුතුය.
විදේශ ගමන් තහනම් අතර විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළේය.
COMMENTS