දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කරය: "අර්ජුන් ඇලෝෂියස් සාක්ෂි දීමට කැමති නැහැ"
Homeප්‍රවෘත්ති

බැඳුම්කරය: "අර්ජුන් ඇලෝෂියස් සාක්ෂි දීමට කැමති නැහැ"

PropellerAds

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ බව කියා සිටියේ අර්ජුන් ඇලෝෂියස් ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි කැඳවනවාට ඔහු වෙනුවෙන් පෙනී සිට...

රවීටත් කුප්‍රකට අසනීපය වැළඳේ - 'මට මතක නෑ' කරළියට.
විල්පත්තුව සංචාරකයන්ට සීමා කරයි
දේශීය වෘත්තිකයන්ට අවස්ථාව ලබාදෙනවා - චීන තානාපති
බැඳුම්කරය:


ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ බව කියා සිටියේ අර්ජුන් ඇලෝෂියස් ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි කැඳවනවාට ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන සඳුදා (සැප් 11) පළ කළ විරෝධයට ප්‍රතිචාර දක්වමිනි.

අර්ජුන් ඇලෝෂියස් කොමිසම හමුවේ සාක්ෂි විමසීමට කැඳවීම් නොකළ යුතු බවට ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන නීති තර්ක මතු කරමින් දීර්ඝ වේලාවක් කරුණු ඉදිරිපත් කළේය.
අර්ජුන් ඇලෝෂියස් සාක්ෂියට කැඳවනවා දැයි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන පළමුව කොමිසමෙන් විමසූ අවස්ථාවේ එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි කියා සිටියේ ඔහු කොමිසම හමුවට කැඳවන බවය.

ඊට විරෝධය පළ කළ ගාමිණි මාරපන ඒ සඳහා හේතු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටියේය.
ඒ සඳහා කොමිසමෙන් අවසර ලැබුණු අතර ඔහු එහිදී සඳහන් කළේ සිය සේවාදායකයා වන අර්ජුන් ඇලෝෂියස් කොමිසම හමුවේ සාක්ෂි දීමට කැමැත්තක් නැති බවය.
නඩුවක් සඳහා සාක්ෂි දීමට අකමැත්තක් දක්වන පුද්ගලයෙකු බලහත්කාරයෙන් සාක්ෂියට කැඳවීමට අධිකරණයට හෝ කොමිෂන් සභාවකට නීතියෙන් බලයක් නොමැති බවත් සාක්ෂි නොදී නිශ්ශබ්දව සිටීමට චූදිතයෙකුට පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් ඇති බවත් ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන සඳහන් කළේය.
"මූලික අයිතිවාසිකමක්"

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය පුද්ගලයෙකුට හිමි මූලික අයිතිවාසිකමක් බවය.
අර්ජුන් ඇලෝෂියස් කොමිසම හමුවේ දෙන සාක්ෂිය ඉදිරි කාලයෙහි වෙනත් අධිකරණයක පැවැත්වෙන නඩු විභාගයක දී ඔහුට එරෙහිව ප්‍රයෝජනයට ගැනීමට හැකි වීමෙන් ඔහුට අගතියක් සිදු විය හැකි බව නීතිඥ ගාමිණි මාරපන වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී කොමිසම හමුවේ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා කියා සිටියේ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පුද්ගලයා වශයෙන් කොමිසම හමුවේ ප්‍රකාශ වූ අර්ජුන් ඇලෝෂියස් සාක්ෂියට කැඳවීම අනිවාර්ය බවය.
අදාළ ගනුදෙනුව හා සම්බන්ධ කරුණු රාශියක් ඔහුගෙන් හෙළි කර ගත හැකි වනු ඇති බව කී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ සඳහා සම්බන්ධ වී ඇති මහා බැංකු නිලධාරීන් සහ සෙසු පුද්ගලයන් ඇත්නම් ඒ සියලු තොරතුරු ඉදිරිපත් කිරීමෙන් කොමිසමට සහාය වීමට ඔහුට හැකි වන බවත් සඳහන් කළේය.
"අර්ජුන් මහේන්ද්‍රන් කැඳවිය යුතුයි"

"අර්ජුන් ඇලෝෂියස් මහතා සාක්ෂියට කැඳවන්නේ නැත්නම් මේ කොමිසමෙන් වැඩක් නැහැ. ඔහු පමණක් නොවේ, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ද සාක්ෂි සඳහා කැඳවිය යුතුයි. එසේ නොවුනොත් කොමිසම හෑල්ලුවට ලක් වෙනවා"

"අර්ජුන් ඇලෝෂියස් කොමිසම හමුවේ කියන්නේ මොනවා දැයි දැන ගන්න ජනතාව නොඉවසිල්ලෙන් බලා ඉන්නවා" යනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි කියා සිටියේ ඉදිරිපත් වූ කරුණු සලකා බලා අර්ජුන් ඇලෝෂියස් සාක්ෂි සඳහා කැඳවීම සම්බන්ධයෙන් බදාදා (සැප් 13) සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවය.

http://www.bbc.com

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කරය: "අර්ජුන් ඇලෝෂියස් සාක්ෂි දීමට කැමති නැහැ"
බැඳුම්කරය: "අර්ජුන් ඇලෝෂියස් සාක්ෂි දීමට කැමති නැහැ"
http://ift.tt/2f0i4eY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_716.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_716.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy