දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෙමින් සැරේ පියා විදා ඇය සමුගනී - සුනිලා ඔබට ගෞරවය..!!!
Homeප්‍රවෘත්ති

හෙමින් සැරේ පියා විදා ඇය සමුගනී - සුනිලා ඔබට ගෞරවය..!!!

PropellerAds

  දකුණු ආසියානු කලාපයේ කාන්තා අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් සිය ජීවිතයම කැප කල සුනිලා අබේසේකර නෙදර්ලන්තයේ හේග් හි සමාජ අධ්‍...

හිටපු අගවිනිසුරුගේ පෙත්සම යළි කැඳවන්නැයි අල්ලස් කොමිසම ඉල්ලයි
"සෑම පාසල් සිසුවෙක්ම ක්‍රීඩාවක නිරත වීම අනිවාර්යයි" - අකිල
අද මධ්‍යම රාත්‍රියෙන් පසු "වස්ට්ඇප්" තහනමත් ඉවතට
හෙමින් සැරේ පියා විදා ඇය සමුගනී - සුනිලා ඔබට ගෞරවය..!!!

 

දකුණු ආසියානු කලාපයේ කාන්තා අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් සිය ජීවිතයම කැප කල සුනිලා අබේසේකර නෙදර්ලන්තයේ හේග් හි සමාජ අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධිධාරිණියකි.

විශේෂයෙන්, මානව හිමිකම් ආරක්ෂා කිරීමට කළ මහගු මෙහෙය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1999 වසරේදී සම්මානයෙන් පුද ලද සුනිලා, විශේෂයෙන් එම සම්මානය සුනිලා වෙත පිරිණමන ලද්දේ එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ව සිටි කොෆී අන්නන් මහතා විසිනි. එම සම්මානය මානව හිමිකම් ක්ෂෙත්‍රය වෙනුවෙන් ලාංකිකයෙකු ලැබූ ඉහලම සම්මානය ද විය.

1952 වසරේ උපත ලද සුනිලා අබේසේකර ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙක් වූ චාල්ස් අබේසේකර මහතාගේ දියණියක් වූ අතර විශිෂ්ඨ ගායන කුසලතාවයක් හිමි සුනිලා රංගන ශිල්පිණියක වශයෙන් වෙදිකාවේද කටයුතු කළා ය. බඹරු ඇවිත් සිනමා පටයේ ‘හඳුනාගත්තොත් ඔබ මා’ ගීතය ගායනා කිරීමෙන් රසිකයන් අතර අමතක නොවන සළකුණක් තැබීමට සුනිලා සමත් විය.

රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක පුරෝගාමී මෙහෙවරක් කල සුනිලා විශේෂයෙන් මානව හිමිකම් සහ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබදව සමුගන්නා තෙක්ම දැඩි කැපවීමෙන් කටයුතු කළා ය.

මානව හිමිකම් වෙනුවෙන් ජාතිකවත්, ජාත්‍යන්තරවත් හඩ නැගීම නිසා රාජපක්ෂ ආණ්ඩුවේ වෛරයට බදුන් වුවත්, සුනිලා සිය හෘද සාක්ෂියට එකගව මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් වූ සිය අරගලය නොනවත්වා කරගෙන ගියේ රාජපක්ෂ රෙජීමයට ද අභියෝගයන් එල්ල කරමිනි. එපමණක් ද නොව, පසුගිය කාලයේ දී විශේෂයෙන් යුද්ධයෙන් පීඩිත මිනිසුන්, ගැහැණුන් වෙනුවෙන් කැපවී ක්‍රියා කළ සුනිලා සුවහසක් මිනිසුන්ගේ සැබෑම සහෝදරියක් වූවාය. එබැවින්, එවන් සහෝදරියකගේ නික්ම යෑම අද දවසේ ද යුක්තිය සහ නිදහස වෙනුවෙන් අරගල කරන මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ හදවත් කම්පාකරනු නොඅනුමානය.

හෙමින් සැරේ පියා විදා… ඔබ..දැන් අප හැර ගොස්ය..ඔබ නොමැති අඩුව යුක්තිය සහ නිදහස වෙනුවෙන් අරගල කරන සියලු සහෘදයින්ට ගැඹුරැ ලෙසින් දැනෙනු ඇත.

අපෙන් සමුගත් සුනිලා අබේසේකර සහෝදරිය, ඔබට අපේ ගෞරවය!

(විකල්ප)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෙමින් සැරේ පියා විදා ඇය සමුගනී - සුනිලා ඔබට ගෞරවය..!!!
හෙමින් සැරේ පියා විදා ඇය සමුගනී - සුනිලා ඔබට ගෞරවය..!!!
http://ift.tt/2xlWzNr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_646.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_646.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy