සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ රජය විසින් අවහිර කරනු ලැබූ වට්ස්අප් සමාජ ජාල තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව ජනාධිප...
සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ රජය විසින් අවහිර කරනු ලැබූ වට්ස්අප් සමාජ ජාල තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.
මේ අතර වයිබර් සමාජ ජාලයට ප්‍රවේශ වීම සඳහා ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට යලිත් අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබිණි.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙහිදී විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රමිකයන්ට සිය නිවෙස් සමඟ සන්නිවේදනය කිරීමේදී මුහුණදීමට සිදුවන අපහසුතාවන් මෙන්ම සංචාරකයින්ට සහ ව්‍යවසායකයින්ට සිදු වී ඇති අපහසුතාවන් පිළිබදව අවධානය යොමු වූ බවයි.
COMMENTS