ඊයේ සවස පරන්තන් ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවි ස්ථානයක් අසල දෙපිරිසක් බීමත්ව සිට ඇති අතර පසුව එම ස්ථානයේ ඇතිවූ ආරවුලක් නිසා එම දෙපිරිස...
ඊයේ සවස පරන්තන් ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවි ස්ථානයක් අසල දෙපිරිසක් බීමත්ව සිට ඇති අතර පසුව එම ස්ථානයේ ඇතිවූ ආරවුලක් නිසා එම දෙපිරිසම මත්පැන්හලේ හිමිකරුවන් විසින් ඉවත් කිරීමෙන් පසුව එක් පිරිසක් අසල පිහිටි කුඹුරු යායක බිමතින් සිටි අවස්ථාවේදී මුලින් ගැටුම ඇතිකරගත් අනෙක් පාර්ශවය විසින් තියුණු ආයු සිහිතව පැමිණ බිමතින් සිටි පිරිසට පහර දී ඇති බවට කිලිනොච්චිය පොලීසිය විසින් කරුණු අනාවරනය කරගෙන ඇත.
අනතුරුව මෙම පහරදීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු කැපුම් තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කොට ඇති අතර පහරදීමට පැමිණි පිරිස පහරදීමෙන් පසුව එක් සැකකරුවෙක් අසල පිහිට යුද හමුදා සමබන්ධීකරන කඳවුරක් හරහා පැනයාමත් සමග ප්‍රදේශවාසීන් විසින් උණුසුම්කාරීව හැසිරුනේ සැකකරුවන් යුද හමුදාව සන්තකයේ තබා ආරක්ෂා කරන බවට චෝදනාා කරමිනි.
පසුව එම ස්ථානයට යුද හමුදා අමතර කණ්ඩායමක්ද පැමිණි අතර ඒත සමගම කිලිනොච්චිය පොලීසිය පැමිණ තත්වය පාලනය කරමින් ප්‍රදේශවාසීන්ට කරුනු පහදා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
අද (18) උදෑසන වන විට අදලා පහරදීමට පැමිණි තියුණු ආයුද ත්‍රී රෝදරථයක තිබී එහි හිමි කරුවෙකු වූ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයෙකු අත්අඩංගුවටට ගෙන ඇති අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් පසුව තවත් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතරම එම පිරිසක අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතිය පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
- Romesh Madusanka
COMMENTS