ආණ්ඩු බලය වෙනස් වූ පසුවත් කිසිඳු වෙනසකින් තොරව ඔහු මුලස්ථානයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර දෛනිකව පක්ෂ මුලස්ථානයේ සිදුවන දෑ, සාකච්...
ආණ්ඩු බලය වෙනස් වූ පසුවත් කිසිඳු වෙනසකින් තොරව ඔහු මුලස්ථානයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර දෛනිකව පක්ෂ මුලස්ථානයේ සිදුවන දෑ, සාකච්ජා ආදී සියලුම දේ පිළිබඳ වාර්තාවක් ඩලස් අලහප්පෙරුම මහතාට ලබා දෙන බව සඳහන්. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ වැඩ කටයුතු සිදුවන්නේ වගකීම් සහගත නොවන අයුරින් වන අතර පක්ෂයේ ඉහළ තනතුරු වල සිටින අය මුලස්ථානයේ කටයුතු පිළිබඳ උනන්න්දු නොවන බවයි ආරංචි මාර්ග තහවුරු කරන්නේ. එහෙයින් පක්ෂ මුලස්ථානය කේන්ද්‍ර කරගෙන සිදු වන පරිපාලනමය කටයුතු ක්‍රමානුකූලව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වෙත පවරමින් සිටින බවද වාර්තා වෙයි.
මේ අතර පෙර සඳහන් කළ පුද්ගලයා තමන්ට රිසි සේ බිල්පත් සකස් කර වංචනික ලෙස මුදල් ලබා ගන්නා බව ආරංචි මාර්ග පවසයි. මුදල් සම්බන්ධයෙන් වගකීම පැවරී ඇත්තේ ඔහුට වන හෙයින් ඔහු ඒ හරහා අයථා ලෙස මුදල් පරිහරණය කරන බව සඳහන්. කඩිනමින් පක්ෂ මුලස්ථානයේ උද්ගතව ඈති මෙම ව්‍යාකූල තත්ත්වයට විසඳුම් දියයුතු වුවත් එය ඉටු නොවන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව රට තුළ පක්ෂය යළි නඟාසිටුවීමට පෙර පක්ෂ මුලස්ථානය ශුද්ධ කළ යුතු බව එහි සේවයේ නියුතුවන්නන් ප්‍රකාශ කරයි.
(ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ සිදු වන දෑ පිළිබඳ තවත් තොරතුරු බලාපොරොත්තු වන්න)
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS