ප්‍රදේශයේ ප්‍රධාන පාසල් දෙකක් , රෝහලක් ,විහාරස්ථාන දෙකකට පිවිසීමට මෙම මාර්ගය භාවිතාකළ යුතු වේ. නමුත් වසර ගණනාවක් තිස්සේ අබලන්ව පවතින ...
ප්‍රදේශයේ ප්‍රධාන පාසල් දෙකක් , රෝහලක් ,විහාරස්ථාන දෙකකට පිවිසීමට මෙම මාර්ගය භාවිතාකළ යුතු වේ.
නමුත් වසර ගණනාවක් තිස්සේ අබලන්ව පවතින මෙම මාර්ගය සංවර්ධනය කිරීම කෙරෙහි කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු වී නොමැතිබවයි ප්‍රදේශයේ ජනතාව පවසා සිටින්නේ .
මේ දිනවල පවතින වර්ෂාව නිසා මාර්ගයේ වලවල් වල ජලය පිරීමෙන් තත්වය උග්‍ර වී තිබේ. විශේෂයෙන් මාර්ගයේ ගමන් ගන්නා පාසල් ළමුන් මේ නිසා දැඩි අසීරුතාවයකට පත්වී තිබෙන ආකාරය දක්නට ලැබෙන සුළභ දසුනකි.
රජය නියෝජනය කරන මැති ඇමතිවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් කොතෙක් සිටියත් මෙම මාර්ගය සංවර්ධනය කිරීම සදහා ඔවුන් දක්වා ඇත්තේ කුඩම්මාගේ සැලකිලි බවයි ප්‍රදේශවාසින් පවසා සිටින්නේ .
කිලෝමීටර් තුනක් පමණ වන අබලන් මාර්ගයේ අත්‍යවශ්‍ය කොටස වන කොලොමීටර් දෙකවත් සංවර්ධන කර දෙන ලෙසයි ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ .
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS