ඩොමිනිකා දූපත අසලදී මෙම කුණාටුවේ වේගය පැයට කිලෝමීටර 260 ක් හෙවත් පැයට සැතපුම් 160 ක් පමණ වේ යැයි සැලකේ. කුණාටුව රට තුළට සම්පූර්ණයෙන්ම ඇ...
ඩොමිනිකා දූපත අසලදී මෙම කුණාටුවේ වේගය පැයට කිලෝමීටර 260 ක් හෙවත් පැයට සැතපුම් 160 ක් පමණ වේ යැයි සැලකේ.
කුණාටුව රට තුළට සම්පූර්ණයෙන්ම ඇතුළු වීමට පෙර සිටම අයහපත් කාලගුණ තත්වයක් ඩොමිනිකාව තුළ නිර්මාණය වී ඇති අතර ඩොමිනිකා අගමැති බීබීසී පුවත්සේවය අමතා ප්‍රකාශ කළේ සිය නිවස ජලයෙන් යට වූ බව සහ, දිවි බේරාගැනීම සඳහා නිවසේ වහලය මතට නැගීමට තමන්ට සිදුවූ බවයි.
අර්මා සුළිකුණාටුව ගමන් ගත් පථයේම මරියා ද බොහෝ දුරට ගමන්කිරීමට නියමිත බව මේ වන විට සනාථ වී තිබේ. මේ නිසා සිය රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පෝටෝ රිකෝ දූපත ද ඊයේ දිනයේදීම කටයුතු කළේය.
ප්‍රංශයට අයත් දූපතක් වන ගුවාඩලුප්, සාන්ත කිට්ස් සහ නෙවිස්, මොන්ස්රාට් සහ මාටිනික් යන දූපත් ද මේ වන විට පසුවන්නේ සූදානම් ශරීරයෙනි.
ඇමරිකාවට අයත් ඇමරිකන් වර්ජින් දූපත් සහ බ්‍රිටිෂ් වර්ජින් දූපත් ද මරියාගේ බලපෑමට නතු වනු ඇතැයි පැවසේ. ඊයේ දිනයේ මෙම ප්‍රදේශ සඳහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද කටයුතු කළේය.
ජීවිත තර්ජන ඇති විය හැකි මට්ටමේ ධාරාණිපාත වැසි” හදිසි ගංවතුර සහ මඩ නාය යාම් (mud slides) මරියා සුළිකුණාටුව හේතුවෙන් ඇති විය හැකි බව කාලගුණ විශේෂඥයෝ පවසති.
- අමාලි ජයවීර
COMMENTS