පොල්ගොල්ල,රණමුකයාතැන්න,කෝන්ගහහේන,අලවත්තාහේන,දොඩන්තලාව,පාරාගොඩ,දොඹගොල්ල,ඉකිරිවත්ත,වේල්ලගොඩැල්ල,බොකනියාව,වැල්හිරීය හා මිහිලියද්ද යන ගම්මාන...
පොල්ගොල්ල,රණමුකයාතැන්න,කෝන්ගහහේන,අලවත්තාහේන,දොඩන්තලාව,පාරාගොඩ,දොඹගොල්ල,ඉකිරිවත්ත,වේල්ලගොඩැල්ල,බොකනියාව,වැල්හිරීය හා මිහිලියද්ද යන ගම්මාන වල ජනතාව මේවන විටත් පීඩාවට පත්ව සිටියි.
ගොම්මුන්නා කන්දෙන් ආරම්භ වී පහළට ගලා එන රන් ආදා ඇල,ගල්වල ඇල හා රිලා ඇල්ල ඇතුළු දියදහරාවන් 10ක් මෙම ගම්මාන හරහා ගලා බසියි. එම ජලයෙන් ප්‍රදේශය අවට කුඹුරු අක්කර 278ක් අස්වද්දන බව සඳහන්. එහෙත් සිදුවන හානිකර පස් කැපීම,කළුගල් කැණීම හා ගස් කැපීම හේතුවෙන් ඇල මාර්ගයන්හි ජලය සිඳී යාම නිසා වග කටයුතු අත්හැර දැමීමට ගොවි ජනතාවට සිදුව තිබේ. වී වගාවට අමතරව කුරුඳු,කරාබුනැටි,ගම්මිරිස්,සාදික්කා,කෝපි හා කොකෝවා යන සුළු අපනයන භෝග වගා කරන අතර ජලය නොමැති කමෙන් සියල්ල විනාශ වී තිබේ.
ගොම්මුන්නා කන්දේ සිදුවන මෙම හානිදායක තත්ත්වය එම අවට ගම්මාන 12කට පමණක් සිමා වී නොමැති අතර බතලේගොඩ වැව හා දැදුරු ඔයේ ජලය ලබා ගෙන කෙරෙන වගාවන්ටද හානි පමුණුවා තිබේ. කවිසිගමුවෙන් දැදුරු ඔය හරස් කර ජලය ලබා ගෙන රිදීගම, ඕගොඩපොළ ඇතුළු ප්‍රදේශයන්ට ජලය ලබා දෙන ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකය. ඊටද ගොම්මුන්නා කන්දේ සිදුවන පාරිසරික විනාශය බලපෑම් කරන බවයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නියෝජිත පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙන්නේ. දැදුරු ඔයේ ජාල සුරක්ෂිතතාවයට පමණක් නොව අධික ලෙස එක්වන රොන්මඩ හේතුවෙන් බතලේගොඩ වැව රොන් මඩෙන් පිරීයාමද වැළැක්විය නොහැකිය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සජීව චාමිකර මහතා,
"ගොන්මුන්නා කන්දේ සිදුකෙරෙන කළුගල් හා පස් කැණීම, කළුගල් ඇඹරීමේ යන්ත්‍ර සහ දැව ඉරුම්පට්ටලය ඇතුළු කර්මාන්ත කරගෙන යාම සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර තුනක්, කැණීම් කටයුතු සඳහා වෙන වෙනම කැණීම් බලපත්‍ර දෙකක් ලබා ගත යුතුයි. ඒ විතරක් නෙවෙයි අක්කර 80ක පමණ විශාල වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර කර්මාන්තයක පවත්වාගෙන යාම සඳහා පාරිසරික ඇගයීම ක්‍රියාවලියට අනුමැතිය ගත යුතුයි. එහෙත් දැනට සියළු කැණීම් හා කර්මාන්ත පවත්වාගෙන යන්නේ නියමිත පරිසර ඇගයීම් වාර්තාවක් නොමැතිවයි. විලියම් වුඩ්ලී සමගම ගොන්මුන්නා කන්දේ පවත්වාගෙන යන සියලු කර්මාන්ත ස්ථාපිත කර ඇත්තේ ජාතික පාරිසරික ආඥා පනත,වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය, පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත හා පුරාවස්තු ආඥා පනත උල්ලංඝනය කරමින්. එහෙත් වගකිව යුතු ආයතන කිසිවක් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවන්නේ නැහැ."
එහෙත් සිදුව ඇත්තේ ජනතාව එම පීඩාකාරී තත්ත්වයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට යාමේදී රාජ්‍ය නිලධාරීන් ජනතාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS