මහත් සඳක් වී නිල් අහසට පැමිණ බොහෝ අඳුරු තැන් ඔබ එළි කළ බැවිණ ඔබේ නමට සිය දහසක් මල් පිපිණ එහෙත් එමල් පිළිගන්නට ඔබ නොවිණ බොහෝ ආතු...
මහත් සඳක් වී නිල් අහසට පැමිණ
බොහෝ අඳුරු තැන් ඔබ එළි කළ බැවිණ
ඔබේ නමට සිය දහසක් මල් පිපිණ
එහෙත් එමල් පිළිගන්නට ඔබ නොවිණ
බොහෝ ආතුරව නිදි යහනට පැමිණ
ඔබේ කට හඬින් ආතුර බව නැසෙන
කවක් අසන්නට සිතුනද සකි සඳින
දෙනෙත් පියාගමි ඔබ බෝ දුර බැවිණ
COMMENTS