ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන විසින් රචනා කරන ලද `ජනාධිපති තාත්තා` කෘතියේ පිදුම, රෝහණ විජේවීර මහතාගේ දියණියක ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන විසින් රචනා කරන ලද `ජනාධිපති තාත්තා` කෘතියේ පිදුම, රෝහණ විජේවීර මහතාගේ දියණියක වන ඊෂා විජේවීර මහත්මිය ඇතුළු ප්‍රකට දේශපාලක දියණිවරුන් පිරිසකට පිදෙන බව වාර්තා වේ.
සැප්තැම්බර් 15 වැනිදා පෙ.ව. 7.30 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදකින මෙම ග්‍රන්ථය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති විලියම් ගොපල්ලව මහතාගේ දියණිය චන්ද්‍රිකා ඉරන්ගනී ගොපල්ලව, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක, දුලාංජලී ප්‍රේමදාස, චිත්‍රාංගනී විජේතුංග, යශෝදරා කුමාරණතුංග සහ ඊෂා විජේවීර යන මහත්මීන්ට පිදුම් දී ඇත.
ඒ අතරින් දැනට මෙරට සිටින සියලු දෙනාම, මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය.
ලංකාවේ නායකයකුගේ දියණියක්, සිය පියා පිළිබඳ මෙවැනි ග්‍රන්ථයක් රචනා කිරීම, මෙරට සාහිත්‍ය ඉතිහාසයේ මං සලකුණකි.
එවැනි කෘතියක පිදුම, එවැනිම දියණිවරුන් පිරිසකට පිදීම විශේෂත්වයක් වන අතර, රෝහණ විජේවීර වැනි ආන්දෝලනාත්මක විකල්ප නායකයකුගේ දියණියක ද ඒ අතර සිටීම සුවිශේෂීය.
දේශපාලන රහස් රැසක් එලියට !
ජනාධිපතිවරයාගේ වැඩිමහල් දියණිය මෙන්ම තොරතුරු තාක්‌ෂණ විද්‍යාවේදී උපාධිධාරිනියක් වන චතුරිකා සිරිසේන මහත්මිය, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයන් පිළිබඳව හා 2015 ජනාධිපතිවරණ සටනේ මෙතෙක් හෙළි නොකළ සත්‍ය කතාවන් රැසක් සිය කෘතිය තුලින් අනාවරණය කර තිබේ.
මෙම ග්‍රන්ථයේ විශේෂත්වය වන්නේ දේශපාලනමය මුහුණුවරකින් තොරව ඉතා රසවත් නව කතාවක ආකෘතියෙන් රචනා කොට තිබීමයි.
සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ඇතුළු දේශපාලන දැවැන්තයන්ගේ සිට යුගයෙන් යුගය සිදු වූ දේශපාලන සංසිද්ධීන්වලදී සිය පවුල වෙත ඒවායේ බලපෑම එල්ල වූ ආකාරය පිළිබඳව විග්‍රහයන් මෙම කෘතිය තුළ අන්තර්ගතය.
ජනාධිපතිධුරය දරන තම පියා පිළිබඳව දියණියක විසින් රචිත ප්‍රථම චරිතාපදානය ලෙසින් ඉතිහාසයට එක් වන එම ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයකි.
COMMENTS