විභාග දෙපාර්තමේන්තුවේ අත්තනෝමතික කටයුතු නිසා මහනුවර ප‍්‍රධාන පාසල් දෙකක සිසුන් හා ගුරුවරුන් අතරමං වි ඇති බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා. මෙ...

විභාග දෙපාර්තමේන්තුවේ අත්තනෝමතික කටයුතු නිසා මහනුවර ප‍්‍රධාන පාසල් දෙකක සිසුන් හා ගුරුවරුන් අතරමං වි ඇති බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා.
මෙවර පැවැත්වූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථානයක් ලෙස සැප්. 07 සිට 18 දින දක්වා මහනුවර විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ යොදා ගැනීමට විභාග දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබූ තීරණය පසුව මහනුවර ඞී.එස්. සේනානායක විද්‍යාලයට මාරු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව අදාල තීරණය විභාග දෙපාර්තමේන්තුව විසින් ඇගයීම් මධ්‍යස්ථාන නිළධාරින්ට ඒ බව ලිඛිතව දැනුම් දීමට කටයුතු කර ඇති අතර අදාල පාසල් වල ගුරුවරුන් හා සිසුදරුවන් දැනුවත් කිරීමටද විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
එසේ තිබියදී හිටිහැටියේ එනම් ඊයේ (04) නැවත තම තීරණය වෙනස් කර, පෙර තීරණය කළ පරිදි මහනුවට විහාරමහාදේවි විද්‍යාලයේම මෙම ඇගයීම් මධ්‍යස්ථානය පැවැත්වීමට තීරණය කළ බව දුරකථන මගින් දැනුම් දී ඇත.
විභාග දෙපාර්තමේන්තුවේ මෙම අත්තනෝමතික කි‍්‍රයාකලාපය නිසා මේ වන විට එම පාසල් දෙකේම ගුරුවරුන්, විදුහල්පතිවරුන් මෙන්ම හයදහසක් පමණ වන සිසු දරුවන් ද තම පාසල් ආරම්භය පිළිබඳව බරපතල ගැටලූකාරී තත්වයකට මුහුණ දී ඇත. ඒ අනුව හෙට දින ආරම්භ වන තුන්වන පාසල් වාරය අදාල පාසල් වල සිසුන් මෙන්ම ගුරුවරුන්ගේද පැමිණීම බෙහෙවින් අඩු අගයක් ගනු ඇති බව වාර්තා වේ. විභාග දෙපාර්තමේන්තුවේ මෙම අත්තනෝමතික අවිධිමත් කි‍්‍රයාකලාපයට දැඩි විරෝධය පලකරන ලංකා ගුරුසේවා සංගමය මෙයින් පීඩාවට පත් විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුලූ සමස්ත පාසල් ප‍්‍රජාවටම මුහුණ දීමට සිදුවු මෙම තත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම බාරගත යුතු බව දැඩිව අවධාරණය කරමු.
ස්තුතියි.
මෙයට, විශ්වාසී, මහින්ද ජයසිංහ ප‍්‍රධාන ලේකම්
COMMENTS