''ඔන්න මම අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ ගැසට් නිවේදනය අත්සන් කළා .. දැන්වත් ඔයාට සතුටුද ? '' කියා ජනාධි...
''ඔන්න මම අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ ගැසට් නිවේදනය අත්සන් කළා .. දැන්වත් ඔයාට සතුටුද ? '' කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් විමසා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (12) දහවල් එම අතිවිශේෂ ගැසට් නිවේදනයට අත්සන් කල අතර, එම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය මංගල සමරවීර මහතා ද කැඳවා තිබිණ.
එම ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අත්සන් කල අවස්ථාවේදී '' දැන්නම් මංගලට නින්ද යයි'' කියා අගමැතිවරයා සිනාසෙමින් පවසා ඇතයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.
ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කල ගැසට් පත්‍රය එදිනම රාත්‍රීයේ රජයේ මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබිණ.
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරණ පනත මගින් පිහිටුවා ඇත.
එහි විධිවිධාන ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බව පෙරේදා නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.
එසේම, "අතුරුදහන්වූවන් පිළිබඳ නව පනත් කෙටුම්පත" ලබන 21 දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ද වාර්තාවේ.
COMMENTS