දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පරණවිතානට එරෙහි වූ බකපඬියෝ
Homeප්‍රවෘත්ති

පරණවිතානට එරෙහි වූ බකපඬියෝ

PropellerAds

  ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට ද බලවත් අහිතකර බලපෑමක් සිදුකරන වනසතුන් පිළිබඳව සමාජයේ ඇති පොදු ආකල්ප සලකා බැලීමේදී ඒ බ...

වියපත් පියා මහ පාරට දමා ගිහින් (VIDEO)
රාජ්‍ය ආයතන ප්‍රධානීන් 54කට අනුමැතිය ඉල්ලයි
පොලිස් ලොක්කන් 15කට එරෙහිව විමර්ශන
පරණවිතානට එරෙහි වූ බකපඬියෝ

 

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට ද බලවත් අහිතකර බලපෑමක් සිදුකරන වනසතුන් පිළිබඳව සමාජයේ ඇති පොදු ආකල්ප සලකා බැලීමේදී ඒ බව මැනවින් තේරුම්ගත හැකිය. විශේෂයෙන්ම අලි මිනිස් ගැටුම ආශ්‍රයෙන් හා වගාවන්ට හානි කරන වනසතුන් පිළිබඳව ද රටේ පවත්නා නීතිමය තත්වය මෙන්ම සමාජ ආකල්ප විමසා බැලීමේදී ඒ බව වටහාගත හැකිය. ඒ බව තේරුම් ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වියහැකි සමාජ කතිකාවක් මේ දිනවල ඇති වී තිබේ. ඒ කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයා පළකර ඇති එක්තරා අදහසක් පදනම් කරගෙනය. එහිදී කරුණාරත්න පරණවිතාන අමාත්‍යවරයා පළකර ඇති අදහස ඉතා සරළ වුවත් එහි අරුත බොහෝ සේ ගැඹුරුය. එහෙත් ඊට එරෙහිව මේ රටේ ඇතැම් ජනමාධ්‍ය මෙන්ම ඊනියා පරිසර සංවිධාන හා සමාජ ජාලා අරක්ගෙන ඇති ඇතැම් බක පණ්ඩිතයන් ද අවිඅමෝරා තිබේ.

කරුණාරත්න පරණවිතාන මහතා එහිදි ප්‍රකාශ කර ඇත්තේ සමාජයට අහිතකර වනසතුන් පාලනය කළයුතු අතර ආරක්ෂා කරගත යුතුව ඇති දුර්ලභ වන සතුන් සංරක්ෂණය කිරීම සඳහා ද වැඩපිළිවෙලක් සකස් කළයුතු බවකි. ඇතැම්විට ඔහු මේ අදහස ප්‍රකාශ කරමින් එය වැඩිදුරටත් විග්‍රහ නොකර සිටියේ නම් කිසිදු ප්‍රශ්නයක් මතු නොවීමට ඉඩ තිබුණි. එහෙත් එහිදි ඔහු මේ රටේ වන අලින් උදාහරණයට ගමිනින් අලි මිනිස් ගැටුම වළක්වා ගැනීම සඳහා හේතු වියහැකි විසදුමක් ද යෝජනා කර තිබේ. පෙර සඳහන් කළ ඇතැම් ජනමාධ්‍ය මෙන්ම ඊනියා පරිසර සංවිධාන මෙන්ම සමාජ ජාලාවන්හි සැරිසරන ඇතැම් බකපණ්ඩිතයන් ද අවිඅමෝරාගෙන ඇත්තේ එතැනදී ය.

එහිදී පරණවිතාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ රටේ පවත්නා වන ගහණයට ඔරොත්තු නොදෙන අතරික්ත වන අලින් අල්ලා ඔවුන් රැකබලා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සැකසිය යුතු බවකි. ඒ හරහා රජයට විශාල ආදායමක් ද ලබාගත හැකි බවකි. එය ඉතා නිවැරදි මෙන්ම වෙනත් විකල්පයක් හඳුන්වා දීමට අපහසු ප්‍රායෝගික යෝජනාවකි. එය එසේ වන්නේ කරුණු දෙකක් නිසාය. පළමු කාරණය වන්නේ අලින්ට නිරුපද්‍රිතව බාහිරෙන් එල්ල වන බාධා වලින් තොරව ජීවිත් වියහැකි ඒ සඳහා අවශ්‍ය වන්නා වූ වන ගහණය වහාම සම්පූර්ණ කළ නොහැකි නිසාය.  දෙවන කාරණය වන්නේ අද අප රටේ පවත්නා වන ගහණය අනුව ඊට ඔරොත්තු දෙන අලි ඇතුන්ගේ සංඛ්‍යාව හාරදහසක් පමණක් වුවත් මේ වනවිට අලි ඇතුන් හයදාහක් පමණ අප රටේ වනාන්තර වල ජීවත්වන හෙයිනි.

ඒ තත්වය තුළ අලි මිනිස් ගැටුමක් ඇති වීම අතිශයින්ම ස්වභාවිකය. සෑම වසරකදීම අලි ඇතුන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද අතිවිශාල සංඛ්‍යාවක් ඒ තුළ මියයාම නොවැළැක්විය හැකිය. මිය යන්නේ මිනිසෙකු වුවද, අලියෙකු වුව ද ඔවුන් දෙපාර්ශවයම එවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු කළයුතු නැත. ඒ අනුව මෙකී ගැටලුවට ප්‍රායෝගික විසදුමක් සපයා ගැනීම අප හමුවේ ඇති අභියෝගයක් වී තිබේ. ඒ සඳහා බොහෝ දෙනෙකු කරන අලි වැට ඉදිකිරීම වැනි යෝජනා තුළ ස්ථීරසාර විසදුමක් සොයාගැනීමට අසීරුය. මක්නිසාද යත් රටේ වන ඝනත්වයට ඔරොත්තු නොදෙන අලි ඇතුන් ප්‍රමාණයක් මේ වනවිට ශ්‍රී ලංකාවේ වනාන්තර වන ජීවත් වන නිසාය.

ඒ අනුව කිසියම් පැහැදිළි ප්‍රතිපත්තියකට අනුව නීතිමය රාමුවක් තුළ තෝරාගත් අලි ඇතුන් යම් ප්‍රමාණයක් ගෘහාශ්‍රිතව ඇති දැඩි කිරීම හැර අන් විකල්පයක් අප හමුවේ නැත. ඒ සඳහා සංස්කෘතික පදනමක් ද අප සතුව වන අතර වෙහෙර විහාර ද ඇතු`එ ඒ සඳහා සූදානම් සැලකිය යුතු ප්‍රජාවක් ද රට තුළ සිටිති. එහෙත් එය සිදුකළ යුත්තේ ඒ සඳහා වන විශේෂ නීති සම්පාදනයකින් පසු නිසි අධික්ෂණයක් හා ස්ථීරසාර නියාමනයකින් ද යුත් යාන්ත්‍රණයක් ගොඩනගාගැනීමෙන් පසුවය. පසුගිය කාලයේදී මෙන් අලි ජාවාරම්කාරයින්ට එම කාර්යය බාරදීමෙන් නොවේ.

ඒ සමගම මේ රටේ කෘෂි කාර්මික නිෂ්පාදනයෙන් අතිවිශාල පංගුවක් විනාශ කර දමන වල් ඌරා, රිලවා, මොණරා පිළිබඳව මෙන්ම ඇතැම් ප්‍රදේශ වල ජනජීවිතයට තර්ජනයක්ව ඇති කිඹුලන් පාලනය කිරීම සඳහා ද නිසි වැඩපිළිවෙලක් සැකසිය යුතුව තිබේ. ඒ සඳහා බාධා මතුකරන යල් පැනගිය ඇතැම් විහිලු සහගත නීති වෙනස් කරමින් ප්‍රායෝගික වැඩපිළිවෙලකට අප යොමුවිය යුතුමය. එය සිදුකළ යුතුව ඇත්තේ ගොවිතැනට හා ජනජීවිතයට අහිතකර තර්ජනයක් වන, වන සතුන් පාලනය කරමින් දුර්ලභ හා රටට ආවේණික සතුන් සංරක්ෂණය කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම තුළිනි. එය නොපමාවම සිදුකළ යුතුය.

සුනිල් ජයසේකර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පරණවිතානට එරෙහි වූ බකපඬියෝ
පරණවිතානට එරෙහි වූ බකපඬියෝ
http://ift.tt/2gWloVk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_429.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_429.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy