දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම් අර්බුදයකට ලක්ව ඇති බව කෝප් කමිටුවට වාර්තා වී තිබේ. මේ අර්බුදය ඇතිවී ඇත්තේ එම මා...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම් අර්බුදයකට ලක්ව ඇති බව කෝප් කමිටුවට වාර්තා වී තිබේ.
මේ අර්බුදය ඇතිවී ඇත්තේ එම මාර්ගය ඉදිකිරීමට අනුමත කරන ලද බිලියන 103 ක මුදල බිලියන 126 දක්වා වැඩිකරණ ලෙස කරන ලද දැනුම්දීමත් සමඟය.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන 19 වැනිදා මාර්ග සංවර්ධන අධිකාරියේ ලොක්කන් කෝප් කමිටුව හමුවට කඳවා ඇති බවද මේ අතර වාර්තා වේ.
කොන්ත්‍රත්කරුවන් පවසා ඇත්තේ පස් පුරවා පාලම් අලුතින් ඉදිකිරීම වෙනුවට කුළුණු මත ඉදිකිරීමටත් පාලම්වල දිග වැඩි කිරීමටත් දෙන ලද උපදෙස් නිසා ඒවා කිරීමට වැඩිපුර රැපියල් බිලියන 23ක මුදලක් වැයවන බවයි.
COMMENTS