ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව ඇත. හෙට දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව ඇත.
හෙට දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ කෙරෙනු ඇත.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මෙම පනත් කෙටුම්පත පළාත් සභා කිහිපයකික් මේ වනවිටත් පරාජයට පත් වී ඇත.
එමෙන්ම ඊයේ එළි දැක්වු විෂන් 2025 ප්‍රතිපත්ති හා ආර්ථීක දැක්ම සම්බන්ධයෙන් ද තවදූරටත් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කෙරෙනු ඇති බවද වාර්තාවේ.
ඊට අමතරව ජනරාල් ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ඉකුත්දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී අදහස් දැක්විමට නියමිත බවයි වාර්තා වේ.
සෑම අඟහරුවාදා දිනකම කැබිනට් මණ්ඩල රැස්වීම් පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද පොහෝ දිනය අදට යෙදී තිබු බැවින් හෙට දිනට කල්දමා තිබිණ.
COMMENTS