එසේම ලොකු ලූණු වගා කළ ගොවියන් අසරණ කරමින් අතරමැදියන් විසින් ලොකු ලූණු මිල දී ගෙන අලවි කිරීමේ දී සිදුවන්නේ පාරිභෝගිකයන් ගසා කෑමක් බවත් ...
එසේම ලොකු ලූණු වගා කළ ගොවියන් අසරණ කරමින් අතරමැදියන් විසින් ලොකු ලූණු මිල දී ගෙන අලවි කිරීමේ දී සිදුවන්නේ පාරිභෝගිකයන් ගසා කෑමක් බවත් පෙන්වා දෙන පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය, ඒ අනුව හෙට දවසේ ලොකු ලූණු මිල ඉහළ යාම නැවැත්වීමට ද රජයට කිසිසේත් නොහැකි බව ප්‍රකාශ කරයි.
එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ, ගොවියාට සාධාරණ මිලක් ලැබීමට සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලොකු ලූණු මිලදී ගැනීමට අවස්ථාව සැලසීම රජයේ යුතුකම බවත් රජයට ගැතිකම් කරන ව්‍යාපාරිකයින්ගේ මඩිය තර කිරීම රජයේ වැඩපිළිවෙල නොවිය යුතු බවත් ය.
COMMENTS